saravita-anim2

2025 දෙසැම්බර් මස 31 වන බදාදා

2025 දෙසැම්බර් මස 31 වන බදාදා

Latest News - timelapse 10536 hours ago

LATEST

රටේ ජනතාවට දේශපාලනය එපා වෙලා තියෙන්නේ - රවී

calendar_today 2019 මැයි 22 - 23:00 remove_red_eye - 669  

අද ජනතාවට දේශපාලනය එපා වි සිටින බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

මුහුණු පොත හරහා වැරදි ප්‍රචාර ගෙන යන අය ජාතිවාදය අවුස්සාගෙන ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බවත් ඔවුන්ගේ නාම ලේඛනය මේ වනවිට රහස් පොලීසිය විසින් ලබාගෙන ඇති බවත් එවැනි අය අත්අඩංගුවට ගෙන නීතිය වහා ක්‍රියාත්මක කළ යුතු බවත් පළාත් සභා පළාත් පාලන ස්වදේශ කටයුතු සහ අභ්‍යන්තර කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.

Read More

ධීවර රැකියාවේ නිරතව සිටියදී අනතුරට පත්ව විනාශ වන බෝට්ටුව වෙනුවට නව බෝට්ටුවක් සඳහා වැය වන මුදලින් සියයට 50ක් සහනාධාරයක් ලෙස ලබාදීමට තීරණය කල බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා ගොස් සේවා ස්ථානයේදී සිදුවන අනතුරක් හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ නිවසක් නොමැති ශ්‍රමිකයින් සඳහා නිවසක් සාදා ගැනීමට කාර්යාංශය මගින් “සහන නිවාස” වැඩසටහන යටතේ රුපියල් මිලියනයක මුදලක් ලබා දෙනු ලැබේ.

Read More

ඉදිරියේ දී රන් භාණ්ඩ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප‍්‍රමිති සහතික මුද්‍රාව අනිවාර්ය කිරීමටත්, එම මුද්‍රාවෙන් තොරව රන්භාණ්ඩ අලෙවිකරණ ස්වර්ණාභරණ අලෙවිසල් වැටලීමි සිදු කොට නීතිය ක්‍රියාත්මක කිරීම පිළබඳවත් අවධානය යොමු වෙයි.

Read More

අපේ පාසල් ක්‍රමය ආගම්, භාෂාව අනුව වෙන් කරන්නේ නැතුව යළිත් පොදු පාසල් ක්‍රමයක් ලංකාවේ ඇති කිරීමේ වගකීම අධඨ්‍යාපන අමාත්‍යාංශයට භාරදී තිබෙනවා.

Read More

බන්ධනාගාර ගතව වැඩ සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් බැහැ දැකීම සඳහා අමාත්‍ය රවී කරුණනායක හා බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් අද (22දා) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියහ.

Read More

ඩි 50ක් පමණ උස ජල ටැංකියක් මතට නැග, බිමට පැනීමට උත්සහ දැරූ අවස්ථාවේදී, වහා එම ජල ටැංකියට නැග ඇය නිරුපද්‍රිතව බේරා ගැනීමට අනුරාධපුර ගිනි නිවීම් හා ආපදා කළමනාකරණ එ්කකයේ නිලධාරීන් කටයුතු කළේය.

Read More

කුලියාපිටිය මුලික රෝහලේ රසායනාගාර ටෙන්ඩරය ලබාදීම සඳහා එම රෝහල ඉදිරිපිට ඇති වෛද්යම රසායනාගාරයේ හිමිකරුගෙන් මාස්පතා අල්ලස් ඉල්ලා ඉන් රුපියල් 75,000/-ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින කුලියාපිටිය මහ රෝහලේ හිටපු විශේෂඥ වෛද්‍යවරයාට කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට දෙවැනි ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (22) නියම කළේය.

Read More

ඉදිරියේදී රජය මගින් වී වියළිම සඳහා වී වියළීමේ යන්ත්‍ර ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සකසමින් පවතින බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

Read More

‘සිංහල, දමිල, මුස්ලිම් ජන බලයෙන් අන්තවාදය පරදවමු‘ මැයෙන් අත්පත්‍රිකා බෙදීම සම අයිතිය ව්‍යාපාරය මගින් අද (22දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සිදු කෙරිණි.

Read More

ජාතික සමගිය ඇති කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා හා නැගෙනහිර සහ බස්නාහිර ආණ්ඩුකාරවරුන් ඉවත් කරන ලෙස ඉල්ලා ජාතික සංඝ සම්මේලනය අද (22දා) දින සංදේශයක් භාරදීමට කටයුතු කළේය.

Read More

ගර්භනී කාලයේ සති 28 න් පසු කුස තුළ මියයන දරුවන් සහ උපතින් දින 07 ක් තුල සිදුවන බිළිදු මරණ අඩුකිරිම අතින් ශ්‍රී ලංකාව විශිෂ්ට තත්ත්වයක් ලබා ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය ප්‍රකාශයට පත් කළ නවතම වාර්තාවක සදහන් වෙයි.

Read More

අතිඋතුම් පාප් වහන්සේගේ වි‌ශේෂ දූතයෙක් වශයෙන් ෆර්නැන්ඩෝ ‌ෆිලෝනි කාදිනල් හිමිපාණන් ශ්‍රී ලංකාවට පැමිණියහ.

Read More

ගම්පහ , ඉහළ ඉඹුල්ගොඩ පියරතන මාවතෙහි බෝක්කුවක් දෙපස තිබී ආරක්ෂක අංශ භාවිතා කරනු ලබන ජීව අත්බෝම්බ දෙකක් අද (22) සවස සොයා ගෙන ඇත.

Read More

සැකකරුවන් යළිත් අධිකරණයට කැඳවන ලෙස වැල්ලම්පිටිය පොලීසිය මෝසමක් මගින් කළ ඉල්ලීමක් සළකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙසේ සිතාසි නිකුත් කළේය.

Read More

මේ නායකත්වය යටතේ තව කාලයක් රට පැවතුනහොත් අපිට ඉන්න රටක් ඉතුරු වෙයිද කියලා සැකයි.

Read More

අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට අපහස වන ආකාරයෙන් බැණ වැදුණු විඩියෝවක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරිම සම්බන්ධයෙන් මාරවිල පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්ව මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 27 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මාරවිල මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා ඊයේ (21) නියෝග කළේය .

Read More

හදිසි නීතිය තවත් මසකින් දිගු කිරිමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගය අනුව ජනපති ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තව හෙට පෙ.ව. 10.30 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.

Read More

හම්බන්තොට රන්මිණිතැන්නේ කෝකෝවා සංවර් ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

ප්‍රභූ වාහන ගමන් කිරීම සඳහා මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා දැමීම කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

Read More

පකිස්ථානයෙන් සහ ඇෆ්ගනිස්ථානයේ සිට මෙරටට ආ සරණාගතයින්ගෙන් පිරිසක් ජීවිතාරක්ෂාව වෙනුවෙන් පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරට රැගෙනවිත් ඇති බවටත් එම පිරිස් ඉතා සුළු කාලයකින් නැවත හිටපු රටටම හෝ තුන්වන රටකට යැවීමට රජය පියවර ගනිමින් සිටින බවට පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් ජානක රත්නායක මහතා පවසයි.

Read More

2019 අයවැයෙන් යෝජනා කළ රාජ්‍ය සේවක රුපියල් 2500 ක වැටුප් වැඩිවීම එළැඹෙන ජුලි 01 දා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ සඳහා වන චක්‍රලේඛය මුදල අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ තිබෙන සියලු මාර්ග හා මංමාවත් සිංහල, දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් නම් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතාට උපදෙස් දී තිබේ.

Read More

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයේදී වලදමා තිබූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිලඇඳුමක් සමඟ මතුවූ අස්ථි කොටස් තිබූ ස්ථානයේ මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා ඉදිරියේදී කැනීම් ආරම්භ කල බවට මුලතිව් පොලීසිය පවසයි.

Read More

යුද, නාවික හා ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටු කරන ලද සුවිශේෂී වූ සේවාව වෙනුවෙන් උපහාර වශයෙන් පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරීමට ආරම්භ කළ දෙවන ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනයේ පළමු නඩුව අද (22දා) විභාගයට ගැණින.

Read More

අන්තර් ජාතික ජෛව විවිධත්ව දිනය සමරා පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන තුනකදි කඩොලාන පැළ 4000ක් අද ( 22 ) දින රෝපණයට කටයුතු කල බව පුත්තලම දිසා වනකාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ජනගහනය සීමා කිරීමට නීති සම්පාදනය කළ යුතු යැයි බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් විසින් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීමට ඉදිරිපත් කර තිබූ යෝජනාව එහි මන්ත්‍රීවරුන් විසින් ඒකමතිකව සම්මත කරන ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.