තරුණයින් 327000කට ඡන්දය අහිමි වෙනවා - මහින්ද යාපා
ඉදිරි මැතිවරණයේදී 2018 වසරේ ලියාපදිංචි ඡන්ද නාම ලෙඛණය භාවිත කිරිම හේතුවෙන් තරුණයින් 327000කට පමණ ඡන්දය භාවිත කිරීමට අවස්ථාව අහිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
අද (22දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“2019 වසරේ ලියාපදිංචි ඡන්ද නාම ලේඛනය වෙනුවට 2018 වසරේ ලියාපදිංචි ඡන්ද නාම ලේඛණය ඉදිරි මැතිවරණ සඳහා උපයෝගි කරගැනීම නිසා තුන් ලක්ෂ විසි හත් දහසක් තරුණයින්ගේ ඡුන්ද ඔවුනට අහිමි වීමේ අවදානමක් මතු වෙනවා.
මෙම කුමන්ත්රණකාරී වැඩපිළිවෙළ ආණ්ඩුවේ ප්‍රධාන අනුග්‍රහය සහිතව සිදු කෙරෙන ක්‍රියාදාමයක්. තරුණ තරුණියන් විශාල පිරිසක් වත්මන් රජය කෙරෙහි දැඩි කළකිරීමෙන් සිටින්නේ. මේ තත්ත්වය ආණ්ඩුව හදුනාගෙන තිබෙනවා. 2015 ආණ්ඩුව පත් වන අවස්ථාවේ දී ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම එයට හේතුවයි.
මේ නිසා තරුණ ඡන්ද වැඩි ප්‍රමාණයක් විරුද්ධ බලවේගයන් කෙරෙහි ආකර්ෂණය වෙමින් පවතින බව දන්න ආණ්ඩුව මෙම දැවැන්ත කුමන්ත්‍රණය හරහා තුන් ලක්ෂ විසි හත් දහසක් වන තරුණ තරුණියන්ගේ ඡන්ද අවලංගු ඡුන්ද බවට පත් කිරීමට උත්සාහ දරමින් සිටින්නේ.
මෙය අලූතින් ඡුන්ද බලය හිමිවීමට සිටින තරුණ තරුණියන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්. ඒ නිසා වහාම 2019 වසරේ දී සකස්කළ නවතම ඡුන්ද නාම ලේඛණය අනුව ඉදිරි මැතිවරණ පවත්වන්නැයි අපි මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිනවා.”

popular news
-
Dayan Monday, 22 July 2019 09:25 PM
කලබල වෙන්න එපා. මේ නව චන්ද දායකයින්ට ඔය කවුරුත් එපාවෙලා ඉන්නේ. කාගේ කාගේත් රෙකොඩ්ස් කවුරුත් දන්නවා. කරුණාකරලා විශ්‍රාම සුවයෙන් වෙසෙන්න.
Reply : 0 0
Batangala Tuesday, 23 July 2019 06:44 AM
එකට කැමති වෙන්න එපාද? එම චන්ද ආත්මෙට ප්‍රධාන පක්ෂවලට ලැබෙන්නේ නැති ඒවා බව දන දැනත් බොරුවට තරුණ චන්ද ගැන දුක් වෙන බව පෙන්වන්න එපා ..
Reply : 0 0
සිරිමල් Tuesday, 23 July 2019 07:28 AM
තමුන්නාන්සෙට අමතකද 1970 දී බලයට පැමිණි දැනට ඔබේ නායකයා ජාතික රාජ්‍ය සභාවේ සිටි කාලයේ තරුණයන්ගේ ඡන්ද අයිතිය අවුරුදු දෙකකට අහිමිකලා කියල. වැදිබණ නොකියා ඉන්න මන්ත්‍රීතුමා.
Reply : 0 0
deen Tuesday, 23 July 2019 09:33 AM
ලංකා ඉතිහාසයේ කවදද මහත්තයෝ එකම වසරේ දී සකස්කළ නවතම චන්ද නාම ලේඛණය අනුව චන්ද කරේ ? දැන්මම පරාජය බර ගෙන වගේ ?
Reply : 0 0
Champa Wednesday, 24 July 2019 04:20 PM
පේනවද මගේ comment එක දාල නැහැ. "අද" පත්තරකාරයා ඇමරිකන් ගැත්තෙක්. නැත්නම් මම ලියපු එක නොදා ඉන්න විදිහක් නැහැ. සැබෑ තර්ජනය චන්ද ලැයිස්තු නෙමෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

