saravita-anim2​

2026 ඔක්තෝබර් මස 16 වන සිකුරාදා

2026 ඔක්තෝබර් මස 16 වන සිකුරාදා

Latest News - timelapse 1 hours ago

LATEST

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙන්නේ මෙහෙමයි

calendar_today 2026 ඔක් 16 - 20:30 remove_red_eye - 19  

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 20 සිට 23 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

දැනට අලුතින් ආරම්භ කළ නියමු ව්‍යාපෘතියක් වන නව රියදුරු බලපත්‍ර දඩුවම් ලකුණු ක්‍රමයේ ප්‍රධාන අරමුණ, නිතර මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට දඩුවම් දීම බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

Read More

මෙරට සිටින විශාලතම සහ උසම වන අලියෙකු ලෙස ප්‍රකට කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙනවා. අසනීප තත්ත්වයෙන් පසුවූ එම හස්තිරාජයා අද උදෑසන සියඹලන්ගමුව ප්‍රදේශයේ ඇදවැටී සිටියදී හමුවුණා. ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වන මෙම ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ගැටලු මතුව තිබූ අතර, ඔහුගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් ඇති වූ බව කියන තුවාලයකට පසුගිය 24 වැනිදා පස්වරුවේ සිට ප්‍රතිකාර ආරම්භ කර තිබුණා.

Read More

දරිද්‍රතාව, ආදායම් බෙදීයාම සහ ගෘහස්ථ සුබසාධනය පිළිබඳ වත්මන් තත්ත්වය ගැන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරේ

Read More

සමෘද්ධි නිවාස සංවර්ධන ලොතරැයි අරමුදල මගින් ක්‍රියාත්මක කරණු ලබන නිවාස වැඩසටහනට සදහා වු වියදම 2024 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂයේ දි සියයට 81කින් පමණ අඩුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More

සෞදි අරාබිය තුළ තවදුරටත් මතු වී ඇති යූධමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ කටුනායක සහ සෞදි අරාබියේ දමාම් සහ රියාද් ගුවන් තොටුපොළ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් පවත්වා ගෙන යනු ලබන ගුවන් ගමන් සේවා එළඹෙන 10/24 දින දක්වා තාවකාලිකව අත්හිහිටුවීම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ තීරණය කර ඇති බව එහි ආයතනික සන්නිවේදන අංශය 10/16 දින පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ .

Read More
ශිරන්තිට ඇප
16 10 2026 16:24:00
0 109

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කළේය. ඇය බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියාය

Read More

’’මේක වෙන්නේ නෑ. ස්ථිරයි. කටවත් දෙගඩියාවක් තියාගන්න ඕන නෑ. ජනවරමට පිටුපාන්නේ නෑ.’’

Read More

පොලිස් යතුරු පැදියේ යමින් සිටි අහුන්ගල්ල පොලීසියේ පොලිස් නිලධාරියෙකුට එම යතුරු පැදියේ සැගවී සිටි නාගයකු පහරදී අද (16)දහවල් රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.

Read More

ශ්‍රිලංකා රේගුවේ අංශ පහකට අයත් නිලධාරින් 77 දෙනෙකුට ආසන්න පිරිසක් රේගු 221 අතිකාල ලේඛනයේ අත්සන් තබා පැය 18,225ක් අතිකාල සේවයේ නිරතවු බවට සදහන් කරමින් අතිකාල දිමනා ලබාගෙන තිබුණද එකි දිනවල එම අංශ රාජකාරි කටයුතු සදහා විවෘතකර නොතිබු බව අනාවරණය වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

කොළඹ අගනගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමණාකරණ ව්‍යාපෘතිය සදහා මේ වනවිට රුපියල් මිලියන 26,029.06ක මුදලක් වැයකොට තිබුණද ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු අවසන් වි නොමැතිවිම හේතුවෙන් මෙකි ව්‍යාපෘතිය මගින් අපේක්ෂිත ප්‍රථිපල ලබා ගැනිමට නොහැකිවි ඇති බව අනාවරණය වි ඇත.

Read More

කාවන්තිස්ස මහ ඇතාව සුවපත් කිරීමට අවශ්‍ය සෑම වියදමක්ම දැරීමේ වගකීම තමන් භාර ගන්නා බවත් නමුත් එය සම්බන්ධීකරණය කිරීමේ වගකීම රජයට, වනජීවී දෙපාර්තමේන්තුව ඇතුලු අදාළ ආයතන වලට අයිති බවත් ව්‍යවසායක ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

Read More

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන තවදුරටත් ලබන 23 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම නඩුව අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

Read More

ශ්‍රි ලංකාවේ විශාලම ඇතා වශයෙන් සැලකෙන කාවන්තිස්ස ඇතා මේ වන විට කළා ඔයට ආසන්න වෙල්යායක වැටී සිටියදී හමුව තිබේ. කකුලකට වැදුණු වෙඩි පහරක් හේතුවෙන් කාවන්තිස්ස මේ වන විට රෝගීව සිටියි.

Read More

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද වූ මාර්ග පාලමක් විවෘත කර ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. මේ හරහා රටවල් දෙක අතර වෙළඳ සබඳතා තවදුරටත් වර්ධනය වෙනු ඇතැයි මාධ්‍ය පෙන්වා දෙයි.

Read More

බ්‍රසීලයේ කොංග්‍රසය විසින් වැඩ කරන සතිය පැය 44 සිට 40 දක්වා අඩු කර ඇති අතර සේවකයින්ට වැටුප් කප්පාදු නොකර සතියකට දින දෙකක් නිවාඩු ලබා දෙන ව්‍යවස්ථා සංශෝධනයක් අනුමත කර ඇත.

Read More

වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට - කළුතර දිසා අපරාධ කොට්ඨාසය

Read More

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ පාගමනේ පැමිණි පිරිසෙන් කොටසක් අද පෙරවරුව වන විටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරි පිට රැදී සිටියේය.

Read More

එප්පාවල මැඩියාව වැවේ නෙලුම් මල් කැඩීමට ගිය ඔරුවක් පෙරළී එහි සිටි අයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත. එප්පාවල පොලිස් වසමට අයත් මැඩියාව වැවේ නෙලුම් මල් කැඩීමට ඔරුවකින් ගමන් කරමින් සිටි පිරිසක්, ඔරුව පෙරළී දියේ ගිලීමෙන් ඊයේ (15) පස්වරුවේ සිදු වූ අනතුරකික් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 46ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (15) පස්වරුවේ පියවර ගෙන තිබේ.

Read More

කොළඹ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක මෙට්‍රො බස් සේවාව මහනුවර ඇතුළු ප්‍රධාන නගර වෙත ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළ යටතේ, මහනුවර මෙට්‍රො බස් මාර්ග හඳුනා ගැනීමේ විශේෂ පරීක්ෂණ ධාවනයක් අද (15) පැවැත්විණි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම ආකාරයකින්, සුදුසු පරිදි සහාය දීමට සූදානම් බව එහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සොනාලි ජේන්-චන්ද්‍ර බ්‍රහස්පතින්දා පැවසුවාය.

Read More

කොළඹ ප්‍රධාන වාණිජ කලාපයට ආසන්න ප්‍රදේශයේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ඇමරිකානු ඩොලර් බිලියන 1.12ක වටිනාකමකින් යුත් ඉඩම් කොටස් 9ක් මේ වන විට බදු දී ඇති බව කොමිෂන් සභාවේ නිලධාරීහු පෙන්වා දුන්හ. තවත් ඇමරිකානු ඩොලර් බිලියන 1ක වටිනාකමකින් යුත් ඉඩම් කොටස් 6ක් බදු දීම සඳහා අවශ්‍ය සැලසුම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ද ඔවුහු සඳහන් කළහ.

Read More

මෙරට පුනරුත්ථාපන රෝහල් සඳහා විශේෂිත රෝද පුටු 600 ක පරිත්‍යාගයකට අදාළ ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබේ.

Read More

ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින තරගාවලිය ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට අහිමි වී තිබේ. මෑතකදී නිමාවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය අතරතුරදී පැතුම් නිශ්ශංකගේ වම් පාදයේ කලවා ප්‍රදේශයේ ආබාධයකට ලක්විය.

Read More

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැලඹිළි ස්වභොවය හේතුවෙන් දිවයින පුරා අහස වළාකුළින් බරව පවතින අතර දිවයිනෛ් බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රුපියල් පන් කෝටි දස ලක්ෂයක් වටිනා ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් තිදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී , 10/15 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

2025/2026 තක්සේරු වර්ෂය සඳහා නොවැම්බර් 30 වන දිනට පෙර ආදායම් බදු වාර්තා ලබාදිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වැලිගම කප්පරතොට ප්‍රදේශයේදි හෙරොයින් කිලෝ 100කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකාය සමත්ව තිබේ.

Read More

නෝර්වුඩ් ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම වංචාව සිදු කල බවට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ නිළධාරින් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් විමර්ෂණයක්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright © 2018 Wijeya Newspapers Ltd.