මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 15,132ක පුද්ගලයින් 53,225 දෙනෙකු පිඩාවට පත්ව ඇතැයි මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිස්ත්‍රික්කයේ ගලේවෙල දඹුල්ල නාඋල විල්ගමුව ලග්ගල රත්තොට අඹන්ගගකෝරළේ යටවත්ත යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 08 හි ජනතාව පිඩාවට පත්ව ඇති අතර පානීය ජලයට අමතරව වගාවන් සත්ත්ව පාලන කටයුතු කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මැදිහත්වීම මත පිඩාවට පත්ව සිටින ජනතාව වෙත පානීය ජලය ලබාදීම අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ජාතික ජලසම්පාදන මණ්ඩලයෙන් ජලය ලබාගෙන බවුසර් මගින් බෙදාදීම මේ දිනවල සිදු කරනු ලබන බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන ප්‍රධානී සහකාර අධ්‍යක්ෂක චමින්ද අමරවිර මහතා සඳහන් කළේය.
මාතලේ - රවින්ද්‍ර විරාජ් අබේසිරි
