ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05ක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකින් පැහැදිලි වන බැවින් ධුර කාලය සම්බන්ධයෙන් නැවත මතය විමසීම අනවශ්‍ය දෙයක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 (2) වගන්තියට අනුවද ධුර කාලය වසර 05ක් බවත්, මේ නිසා මේ වසරේ නොවැම්බර් මාසය වනවිට ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවත් එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් කතාබහක් ඇති වී තිබුණද, ජනාධිපතිවරණය කල් දැමීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවද අද (02දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.
