රූමස්සල කඳුවැටියේ ගල් පරයක වැදී අනතුරට ලක්ව ඇති ශ්‍රී ලංකා ග්ලෝරි නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ඇති තෙල් ඉවත් කිරිමේ කටයුතු අද (22දා) උදෑසන ආරම්භ කළ බව සමුද්රජිවි පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ජගත් ගුණසේකර මහතා පවසයි.
සමුද්රජිවි පරිසර ආරක්ෂණ අධිකාරියේ අධික්ෂණය යටතේ නෞකාවේ තෙල් ඉවත් කිරිම මේවන විට සිදුකරමින් පවතියි.
සමුද්‍ර දුෂණ වැළැක්විමේ පනතට අනුව තෙල් විසිරිමේ හැකියාවක් ඇති නිසා නෞකාවේ ඇති තෙල් ඉවත්කර ගන්නා ලෙස අදාළ නෞකාවේ එජන්ත සමාගමට දැනුම් දුන් බවත් ඒ අනුව නෞකාවේ ඇති තෙල් ඉවත් කිරිමේ කටයුත්ත නෞකාව අයත් එජන්ත සමාගම විසින් වෙනත් පුද්ගලික ආයතනයකට පවරා එම කටයුතු සිදුකරගෙන යන බවත් ඔහු පවසයි.
ජිනේෂ් නානායක්කාර

