
තවලම බටහේන සිට පිටිගල දක්වා ධාවනය වෙමින් තිබූ ත්රීරෝද රථයක් හතර කනුව වටවිට ඇළ පාලම අසලදී වේගය පාලනය කරගැනීමට නොහැකිව ඊයේ (22) අනතුරකට ලක්වීමෙන් තිදරු මවක් මියගොස් තවත් සිව් දෙනෙක් තුවාල ලබා කරාපිටිය සහ හිනිදුම රෝහල්වලට ඇතුළත් කර ඇත.
මියගොස් ඇත්තේ හබරකඩ බටහිර පදිංචි 53 හැවිරිදි තැනැත්තියක වන අතර ඇයගේ දුව, ලේලිය, රියදුරු, ඔහුගේ බිරිඳ තුවාල ලබා තිබේ.
අනතුර සිදු වෙනවාත් සමඟම ත්රිරෝද රථය ගිනිගෙන ඇති අතර රථය තුළ තිබු පෙට්රල් බෝතල් නිසා එම ගිනි ගැනීම සිදුවූවාද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙයි. එම ගින්නෙන් රථයේ ගමන් කළ අයද පිලිස්සී තිබේ.
ජිනේෂ් නානායක්කාර