පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ප්‍රහාරයෙන් පසු වැදගත් තොරතුරු දෙකක් ලබාදුන් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 50ක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිස් මූලස්ථානය අද (22දා) තීරණය කර තිබේ.
මෙම තොරතුරු නිසා සමන්තුරේ ප්‍ර‘දේශයේදී පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගැනීම හා පාස්කු ප්‍රහාරයට සම්බන්ධකම පැවැත්වූ පිරිස් පිළිබඳ තොරතුරු සොයාගැනීමට හැකි වී තිබෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එක් තොරතුරකට ලක්ෂ 25 බැගින් ලක්ෂ 50ක මුදලක් ලබාදීමට වැඩ බලන පොලිස්පතිවරයා තීරණය කර තිබේ.
