ලංකාව වාසනාවන්ත රටක් වුවත් ඉන් ප්‍රයෝජන ගන්නේ කුඩුකාරයින් පමණයි
ශ්‍රී ලංකාවෙහි භූගෝලීය පිහිටීම අනුව ඉතාමත් වාසනාවන්ත රටක් වන නමුත් මින් ප්‍රයෝජනය ගනු ලබන්නේ කුඩු කාරයින් පමණක් වන බැවින් මේ පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුව ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.
ගම්පහ පැවති උත්සවයකට එක්වෙමින් කතානායකවරයා මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු කතානායකවරයා,
" අද වනවිට උගත් තරුණ පිරිස් මෙන්ම ව්‍යාපාරිකයින් ඉදිරිය ගැන විශ්වාසයක් නොමැති කම මත රට හැර යන තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි කල්පනා කොට අවශ්‍ය තීරණ ගත යුතුයි.
රටක් දියුණු විමට නම් ආර්ථිකය දියුණු විය යුතුයි. ජපානය , සිංගප්පූරුව, කොරියාව ගොඩගත්තේ මේ අනුවයි. එම රටවල රටට හොඳ තීරණවලදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එක්ව කටයුතු කරනවා. විදෙස් රටවල ආයෝජකයින්ට පහසුකම් ලබාදී ඇති බැවින් අපිද එම තත්ත්වයට යායුතු වෙනවා. මේ රටේ දක්ෂ ව්‍යාපාරිකයින් ඉන්නවා. එම අයටද පහසුකම් සැලසිය යුතුයි. නව නිපැයුම් වලින් පෙරට එන දක්ෂ තරුණ තරුණියන් අප රටේ සිටිනවා. මේ අයට අවශ්‍ය පහසුකම් සපයා දෙමින් රටට වැඩදායක ලෙසින් යොදවා ගත යුතුයි” යැයි ඔහු පැවසීය.

popular news
-
Daham Tuesday, 23 July 2019 01:45 PM
ලංකාව ඉතාමත් වාසනාවන්ත රටක් වන නමුත් මින් ප්‍රයෝජනය ගනු ලබන්නේ කුඩු කාරයින් සහ දේසපාලකයින් පමණක් වන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීයයි කිවනම් නිවැරදිය ..
Reply : 0 36
අනුර ඩන්තෙ Tuesday, 23 July 2019 02:47 PM
ඇත්ත , පාර්ලිමේන්තුවේ ඉන්නෙ ඔක්කොම කුඩුකාරයොනේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

