විදුලියට ඉදිරියේදී න්‍යෂ්ටික බලශක්තිය
විදුලිබල ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරි වසර කිහිපය තුළදි න්‍යෂ්ටික බලශක්තිය උපයෝගී කරගැනීමට කටයුතු කරන බව අමාතය රවී කරුණානායක මහතා පවසයි.
විදුලිබල උත්පාදනය සදහා න්‍යෂ්ටික බලශක්තිය ආදේශ කරගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට සහභාගි වෙමින් අද (22දා) ඔහු මේ බව පැවැසීය.
" ඉදිරි අනාගතයේදී විදුලිබල නිෂ්පාදන කාර්යය උදෙසා න්‍යෂ්ටික බලශක්තිය යොදා ගැනීම වඩාත් යෝග්‍යයි. මා දන්නා තරමින් මීට පෙර මෙම න්‍යෂ්ටික තාක්ෂණය උපයෝගී කරගැනීම සම්බන්ධයෙන් රටවල් තුළ යම් බියක් පැවතුණා.
නමුත් මේ වනවිට අපි එම තත්ත්වයෙන් මිදී අවශ්‍ය තැනට පැමිණ සිටිනවා. ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන රටක් වශයෙන් මෙම තත්ත්වයට ළඟාකර ගැනීමට අසීරුතා ඇතිවේවි. මේ වනවිට සිදුකෙරෙන අපේ දෛනික විදුලි උත්පාදන මට්ටම, ඉදිරියේදී න්‍යෂ්ටික ශක්තිය යොදාගැනිම තුළින් වඩාත් ප්‍රශස්ථ මට්ටමකට නැංවිය හැකියි. ඒ නිසා කිසිදු බාධා කිරිමකින් තොරව, රජයක් වශයෙන් ඒ සදහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
කෘෂිකර්මාන්තය, සෞඛ්‍යය වගේ ක්ෂේත්රයන් වෙනුවෙන්ද න්‍යෂ්ටික බලශක්තිය සාර්ථකව උපයෝගී කරගත හැකියි. මේ තුළින් ශ්‍රී ලාංකික ප්‍රජාවටත් ආයෝජකයින්ටත් සුවිශේෂී ප්‍රථිලාභයන් ලබාගැනිමට හැකිවේවි. න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්රය සම්බන්ධයෙන් අප සතු දැනුම ඉතාමත් අල්පයි.
ඒ නිසා අන්තර් ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ සහ සෙසු අන්තර් ජාතික ආයතනයන්හි සහයෝගය අපේක්ෂා කරනවා. සාර්ක් කලාපිය රටවල් අතර බලශක්ති හුවමාරු ක්‍රමවේදයන් ඇතිකිරීමටද මේ තුළින් හැකිවෙතැයි අපේක්ෂා කරනවා”

popular news
-
Nandana Monday, 22 July 2019 08:01 PM
ජපානය වගේ රටවල් නියෂ්ටික බලය 2025 වනවිට සම්පුර්ණයෙන් ඉවත් කිරීමට තීරණයකර ඇත .රුසියාවේ උන විනාසය දන්නවද ?.ලංකාව වගේ කුඩා රටකට නොගැලපෙන බව මගේ අදහස වේ .
Reply : 0 1
Kumar Monday, 22 July 2019 09:37 PM
ඇමතිතුමාට කවුද දිරච්ච ලනුවක් දීල. ලෝකෙ කොහෙවත් අලුත් නයෂ්ටික විදුලිබලාගාර තනන්නේ නැහැ. ඉන්දියාවේ විදුලි පද්දතියට ලංකාවට සම්බන්ද කලොත් නම් නයෂ්ටික විදුලිබලය ලබාගන්න පුළුවනි. කලකට පෙර මොහාන් මුණසිංහ මහත්මයා නයෂ්ටික විදුලිය ගැන සදහන් කරලා තිබෙනවා. එම බලාගාරයට අවශ්‍ය නියහ්ටික ඉන්දන ආනයන කිරීමට සිදුවන අතර අවසානයේ ලැබෙන අප ද්‍රව්‍ය තැන්පත් කරන්න ආපසු බාරගන්න රටකට යවන්න වෙනවා. ඒ විතරක් නොවේ ඒවා බලාගන්න ගෙවන්න වෙනවා. විදුලිබලාගාරය වසදමුවොත් වසර 10,000 ක කාලයක්ම එය ආරක්ෂා කරන්න සිදුවෙනවා. California වෙ තිබෙන එවැනි විදුලිබලගයක් වසර කිහිපයක පෙර අක්‍රිය කලාට එය පැය 24 ම සේවකයෝ යොදවල තිබෙන්නෙ. ලංකාවට එවැනි වියදමක් දරන්න හැකියාවක් නැත. ඇමතිතුමා ආචාර්ය තිලක් සියබලාපිටිය මහත්තය එක්ක කතාකරන්න. ඒ මහත්මයා මේ ගැන සත්‍ය කියයි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

