කොටි සැඟවූ මෝටාර් උණ්ඩ තොගයක් ළිඳකින් හමු වෙයි
වවුනියාව, පුලියන්කුලම ප්‍රදේශයේ පාලු ළිඳක තිබි මෝටාර් උණ්ඩ තොගයක් ඊයේ (22) දින සොයාගෙන ඇති බවට පුලියන්කුලම් පොලීසිය පවසයි
පවතින නියං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශවාසියෙකු විසින් ගෙවත්තක තිබු ළිඳක් පිරිසිදු කරන අවස්ථාවේ අදාළ බෝම්බ තොගය හමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් අසල යුද හමුදා කඳවුරක් වෙතට දැනුම් දී ඇත.
අනතුරුව වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයකට අනුව වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා 563 බලසේනාවේ යුද හමුදා නිලධාරීන් හා පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ළිඳ තුළ තිබු අදාළ මෝටාර් උණ්ඩ තොගය සොයාගෙන ඇත.
එහිදී මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩු 11ක්, ටි56 ගිනිඅවි කොටස් දෙකක් හා බිම් බෝම්බයක් ද සොයාගෙන ඇත.
යුද සමයේ අදාළ ප්‍රදේශය එල්. ටි. ටි.ඊ පාලන බල ප්‍රදේශයේ තිබු අතර, අවසන් සමයේ පළාගිය එල්. ටි. ටි.ඊ සාමාජිකයින් අදාළ පුපුරණ ද්‍රව්‍ය ළිඳට දමා යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් නිෂ්ක්‍රීය කිරීමට නියමිතව ඇති බව පුලියන්කුලම් පොලීසිය වැඩිදුරටත් පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

