නෙවිල් ප්‍රනාන්දු රෝහල බ්ලියන 3.5කට මිලදී ගැනීමේ සැලසුමක්

කිසිදු ගෙවීමක් සිදු නොකර රජයට පවරාගත් බවට සඳහන් කරන නෙවිල් ප්‍රනාන්දු රෝහල රුපියල් බිලියන තුනයි දශම පහක මුදල ගෙවා මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය අවධානය යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත්, මීට අමතරව ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම ඇතුළු අනෙකුත් වගකිව යුතු ආයතන හරහා විමර්ශනයක් සිදුකළ යුතු බවත් එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
කිසිදු මුදලක් නොගෙවා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන තිබෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළ බවද හෙතෙම පවසා සිටියේය.
අනතුරුව රජයේ මුදල් යොදවා මෙම රෝහල පවත්වාගෙන ගිය බවත්, එහෙත් රජයට පවරා දීමට කිසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.
මේ පිළිබඳ තම සංගමය අල්ලස් කොමිසමට, විගණකාධිපති දෙපාර්තමේන්තුවට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට පැමිණිලි කළ බවද ඒ මහතා පවසා සිටියේය.
මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදී, රුපියල් බිලියන 3.5ක මුදලක් ගෙවා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට කටයුතු කරන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිට ප්‍රකාශ කර තිබෙන බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.
popular news
-
wipula Tuesday, 23 July 2019 10:22 AM
මේ මිනිස්සුන්ගේ මොලේ හොදටම නරක වෙලා. නොමිලේ දෙන්න කැමතිවුනේ sAITM එක ඔහුගේ අයිතිය තිබෙන කොන්දේශීය යටතේ. දැන් SAITM එක අහෝසිවී ඇත. මෙම තත්වය යටතේ නෙවිල් බැංකු නය ගෙවනේ කොහොමද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

