saravita-anim2​

2026 ඔක්තෝබර් මස 19 වන සඳුදා

2026 ඔක්තෝබර් මස 19 වන සඳුදා

Latest News - timelapse 1 hours ago

LATEST

කාවන්තිස්සට වෙඩි තැබූ සැකකරු අල්ලයි

calendar_today 2026 ඔක් 18 - 21:46 remove_red_eye - 90  

මෙරට බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ඇතෙකු වූ කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට සැකකරන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය හා වනජීවීය ඒකාබද්ධව කළ මෙහෙයුමකින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. සැකකරු ගල්ගමුව, හුණුලෑල්ල ප්‍ර දේශයේදි ගිනි අවි දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම සඳහා වලාන දූෂණ මර්දන ඒකක

ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රදේශයේ වනගත භූමිය තුළ අග්බෝ වන අලියා සොයා වනජීවී නිලධාරීන් සමඟ එක්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත බලඇණියක් මෙහෙයුම්වල නිරතව සිටියි.

Read More

අපි විශ්වාස කරන්නේ අධිකරණය පද්ධතිය විසින් ලබාදෙන තීරණ තමයි මේ රටේ නීතිය පිළිබඳ නිවැරදි තිරණය කියා අපි සළකන්නේ.සලකන්නේ නැති අයට කෑ ගහන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නිගමනයන්වලට අපි යටත් වෙනවා. අධිකරණ ලබාදුන්තීරණවලට අපි යටත් වෙනවා. එතනින් එහාට කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා.

Read More

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක නිමල් පියතිස්ස මහතා සහ කොත්මලේ ආසනයේ සංවිධායක පරාක්‍රම දසනායක මහතා අතර (18) දින පස්වරුවේ තිස්පනේ ප්‍රදේශයේ උත්සව ශාලාවකදී ඇති වූ වචන හුවමාරුවක් ගඅටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වූ බව පරාක්‍රම දසනායක මහතා පැවසීය.

Read More

පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ පළමු එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහුරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 49.5කදි සියලු දෙනා දැවි ලකුණු 305ක් රැස් කිරීමට සමත්විය.

Read More

අග්බෝ ඇතා සෙවීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත් කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි. අග්බෝ ඇතු සොයා ගැනීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශ‌ ලේකම්වරයාගේ නියෝග මත මෙම හමුදා කණ්ඩායම පිටත්කර තිබේ.

Read More

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනූනායක, ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් අපවත් වූහ.අපවත් වන විට උන්වහන්සේ 96 වැනි වියේ පසුවිය.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියට එක්වන ’මුම්බායි ඉන්ඩියන්ස්’ (Mumbai Indians) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් මහේල ජයවර්ධන ඉවත් වී ඇති බව එම කණ්ඩායම සෙනසුරාදා නිවේදනය කළේය.

Read More

පාසල්වල පවතින දුෂ්කරතා සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව පැවති විරෝධතා අතරතුර, සෙනසුරාදා දිනයේදී ප්‍රංශය පුරා ප්‍රචණ්ඩ ක්‍රියා හටගත්තේය.

Read More

බලංගොඩ කස්සප හිමියන් වෙත පොලීසිය පහරදීමක් සිදුකර නොමැති බවත් උන්වහන්සේ කොන්ක්‍රීට් පඩියකින් ලිස්සා වැටීම හේතුවෙන් සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් ප්‍රතිකාර ස ඳ හා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත් පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. උන්වහන්සේ මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිට ගොස් තිබේ.

Read More

ගිනි අවි, ජීව පතොරොම් සහ අත්බෝම්බ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - කොළඹ දිසා අපරාධ කොට්ඨාසය

Read More

දිවයින පුරා විදුලි සැපයුම මේ වන විට බොහෝ සෙයින් යථා තත්ත්වයට පත්ව තිබේ. අද පස්වරුව වන විට සම්ප්‍රේෂණ පද්ධතිය පූර්ණ ලෙස යථා තත්ත්වයට පත්කිරීමට හැකිව තිබුණි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල හදිසි විදුලිය බිඳවැටීමක් වාර්තා වී තිබේ. සම්ප්‍රේෂණ ජාලයේ ඇති වූ ප්‍රධාන පද්ධති දෝෂයක් හේතුවෙන් මෙම විදුලි බිඳ වැටීම සිදුව ඇති බව වාර්තා වෙයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල හදිසි විදුලිය බිඳවැටීමක් වාර්තා වී තිබේ. සම්ප්‍රේෂණ ජාලයේ ඇති වූ ප්‍රධාන පද්ධති දෝෂයක් හේතුවෙන් මෙම විදුලි බිඳ වැටීම සිදුව ඇති බව වාර්තා වෙයි.

Read More

ලෝක වෙළඳ පොළ තුළ බොරතෙල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. අද පෙරවරුව වන විට බ්‍රෙන්ට්, මර්බන් හා වෙස්ට් ටෙක්සාස් මිළ දර්ශක සියයට සියයට 3කට වැඩි අගයකින් ආසන්න වශයෙන් ඩොලර් 3කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

Read More

2026.10.16 දින රාත්‍රී පුත්තලම පොලිස් වසමේ පුත්තලම අනුරාධපුර මාර්ගයේ මී ඔය පාලම ආසන්නයේදී කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් අනතුරක් සිදුව ඇත.

Read More

මුද්‍රණ යන්ත්‍ර සහ හිස් කාඩ්පත් හිඟවීම හේතුවෙන් රියදුරු බලපත්‍ර කාඩ්පත් 673,000ක පමණ ගොඩ ගැසී (backlog) පවතින බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය.

Read More

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 20 සිට 23 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

දැනට අලුතින් ආරම්භ කළ නියමු ව්‍යාපෘතියක් වන නව රියදුරු බලපත්‍ර දඩුවම් ලකුණු ක්‍රමයේ ප්‍රධාන අරමුණ, නිතර මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට දඩුවම් දීම බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

Read More

මෙරට සිටින විශාලතම සහ උසම වන අලියෙකු ලෙස ප්‍රකට කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙනවා. අසනීප තත්ත්වයෙන් පසුවූ එම හස්තිරාජයා අද උදෑසන සියඹලන්ගමුව ප්‍රදේශයේ ඇදවැටී සිටියදී හමුවුණා. ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වන මෙම ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ගැටලු මතුව තිබූ අතර, ඔහුගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් ඇති වූ බව කියන තුවාලයකට පසුගිය 24 වැනිදා පස්වරුවේ සිට ප්‍රතිකාර ආරම්භ කර තිබුණා.

Read More

දරිද්‍රතාව, ආදායම් බෙදීයාම සහ ගෘහස්ථ සුබසාධනය පිළිබඳ වත්මන් තත්ත්වය ගැන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරේ

Read More

සමෘද්ධි නිවාස සංවර්ධන ලොතරැයි අරමුදල මගින් ක්‍රියාත්මක කරණු ලබන නිවාස වැඩසටහනට සදහා වු වියදම 2024 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂයේ දි සියයට 81කින් පමණ අඩුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More

සෞදි අරාබිය තුළ තවදුරටත් මතු වී ඇති යූධමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ කටුනායක සහ සෞදි අරාබියේ දමාම් සහ රියාද් ගුවන් තොටුපොළ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් පවත්වා ගෙන යනු ලබන ගුවන් ගමන් සේවා එළඹෙන 10/24 දින දක්වා තාවකාලිකව අත්හිහිටුවීම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ තීරණය කර ඇති බව එහි ආයතනික සන්නිවේදන අංශය 10/16 දින පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ .

Read More
ශිරන්තිට ඇප
16 10 2026 16:24:00
0 210

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කළේය. ඇය බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියාය

Read More

’’මේක වෙන්නේ නෑ. ස්ථිරයි. කටවත් දෙගඩියාවක් තියාගන්න ඕන නෑ. ජනවරමට පිටුපාන්නේ නෑ.’’

Read More

පොලිස් යතුරු පැදියේ යමින් සිටි අහුන්ගල්ල පොලීසියේ පොලිස් නිලධාරියෙකුට එම යතුරු පැදියේ සැගවී සිටි නාගයකු පහරදී අද (16)දහවල් රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.

Read More

ශ්‍රිලංකා රේගුවේ අංශ පහකට අයත් නිලධාරින් 77 දෙනෙකුට ආසන්න පිරිසක් රේගු 221 අතිකාල ලේඛනයේ අත්සන් තබා පැය 18,225ක් අතිකාල සේවයේ නිරතවු බවට සදහන් කරමින් අතිකාල දිමනා ලබාගෙන තිබුණද එකි දිනවල එම අංශ රාජකාරි කටයුතු සදහා විවෘතකර නොතිබු බව අනාවරණය වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

කොළඹ අගනගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමණාකරණ ව්‍යාපෘතිය සදහා මේ වනවිට රුපියල් මිලියන 26,029.06ක මුදලක් වැයකොට තිබුණද ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු අවසන් වි නොමැතිවිම හේතුවෙන් මෙකි ව්‍යාපෘතිය මගින් අපේක්ෂිත ප්‍රථිපල ලබා ගැනිමට නොහැකිවි ඇති බව අනාවරණය වි ඇත.

Read More

කාවන්තිස්ස මහ ඇතාව සුවපත් කිරීමට අවශ්‍ය සෑම වියදමක්ම දැරීමේ වගකීම තමන් භාර ගන්නා බවත් නමුත් එය සම්බන්ධීකරණය කිරීමේ වගකීම රජයට, වනජීවී දෙපාර්තමේන්තුව ඇතුලු අදාළ ආයතන වලට අයිති බවත් ව්‍යවසායක ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

Read More

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන තවදුරටත් ලබන 23 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම නඩුව අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright © 2018 Wijeya Newspapers Ltd.