saravita-anim2​

2026 ඔක්තෝබර් මස 31 වන සෙනසුරාදා

2026 ඔක්තෝබර් මස 31 වන සෙනසුරාදා

Latest News - timelapse 1 hours ago

LATEST

රජයට අයිති ඉඩම් කොපමණ තිබෙනවාදැයි වාර්තා නෑ

calendar_today 2026 ඔක් 30 - 20:43 remove_red_eye - 17  

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා රජයේ අයිතිය ඇති ඉඩම් කොපමණ ප්‍රමාණයක් පවතිද යන්න හදුනාගෙන ඉඩම් ලේඛන සකස්කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

නොවැම්බර් පළමු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරේ

Read More

ශ්‍රි ලංකා තේ මණ්ඩලය විසින් ඉකුත් වසර 15ක (2011-2025) කාලය තුලදි තේ නිෂ්පාදන හා ප්‍රවර්ධන කටයුතු සදහා රුපියල් කෝටි 1733ක මුදලක් වැයකොට තිබුණද ගෝලිය වෙළදපොළතුල මෙරට තේ වලට හිමි කොටස ක්‍රමිකව අහිමිවෙමින් පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඒකාබද්ධ උරුම සංරක්ෂණය, කළමනාකරණය, සැලසුම්කරණය සහ සංවර්ධනය කිරීම පිළිබඳව අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති උපදේශක සභාවක් පිහිටුවා තිබේ.

Read More

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ වන්දනාකරුවන් පස් දෙනෙකු ඇතුළු හය දෙනෙකු රැගත් හෙලිකොප්ටරයක් ​​අනතුරට පත්වීමෙන් පසු දිවි ගලවා ගත් අය සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බව නිලධාරීහු පවසති.

Read More

ආරම්භක පිතිකු විශේන් හැළඹගේ දැවැන්ත හයේ පහර 11ක් හා හතරේ පහර තුනක් සමගින් පන්දු 17කදී නොදැවී ලකුණු 80ක් රැස් කළේය.

Read More

අවුරුදු 16ක බාලවයස්කාර දැරිවියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් එම දැරිවියගේ පියාට හා දැරිවියගේ මවගේ අනියම් සැමියාට පිළිවෙළින් ගම්පහ මහාධිකරණය විසින් හා පානදුර මහාධිකරණය විසින් දැඩුවම් නියම කර තිබේ.

Read More

පරිප්පු,ළුණු,අර්තාපල්,රනිල් කුලයට අයත් එළවළු හා වෙනත් එළවළු ආනයනය කිරිම සදහා මෙම වර්ෂයේ (2026) මුල්මාස අට තුලදි වැයකොට ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 261.4 දක්වා සියයට 13.4කින් අඩුවි ඇති බැව් ශ්‍රිලංකාමහබැංකුව පවසයි.

Read More

අද දින සිගරට් ස්ටික්ස් (කූරු) මිලියන දෙකයි දශම අටක් (2.8ක්) විනාශ කළ අතර, එහි වෙළඳ පොළ වටිනාකම රුපියල් මිලියන 677ක් වන අතර, මෙම සිගරට් තොගය රට තුළට සංසරණය වූවා නම්, රජයට අහිමි වීමට තිබූ මුදල රු මිලියන 439 වන බව මෙහිදී අදහස් දැක්වූ රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා ප්‍රකාශ කර සිටියි.

Read More

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල් 264න් 123ක්ම ධාවනයට යෙදවිමට සුදුසු තත්ත්වයක නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More

ඔක්තෝබර් මස 30 දින මධ්‍යම රාත්‍රී 12.00 පැයේ සිට ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිළ සහ අනෙකුත් සියලුම කෙටි කෑම වල මිළ රුපියල් 05.00 න් ඉහළ නැංවීමට තම විධායක සභාවේ තීරණය මත සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා 10/30 උදෑසන රද්දොළුගම එම සංගමයේ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.

Read More

ඊශ්‍රායලයේ පැවැති මහ මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකටවත් බහුතරය ලබා ගැනිමට නොහැකිවිම හේතුවෙන් ඒරට තුළ දේශපාලන ගැටලුවක් නිර්මාණය වි තිබේ. මේ වන විටත් දැනට ධුරයේ සිටින අගමැති බෙන්ජමින්නෙතන්යාහු මැතිවරණයට විදෙද් දේශපාලන මැදිහත්විම් සිදුවූ බවට චෝදනා කරන අතර ප්‍රධාන විපක්ෂ නායක ගාඩි අයිසන්කොට් සහ අරාබි නායකත්වයෙන් යුත් පක්ෂ නායකයින් මෙම ප්‍රකාශය හෙළා දැක තිබේ.

Read More

හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින යුදමය ආතතීන් හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුමට බාධා ඇතිවිම හා හූති සටන්කාමීන් සෞදියේ ඉන්ධන පහසුකම්වලට එල්ලකරන ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳ පොළ තුළ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යමින් පවතී.

Read More

තංගල්ල පොලිස් වසමේ උණාකූරුව වෙරළ තීරයේ 2026.10.29 දින දහවල් දිය නාමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මුහුදු රළට හසුව ගසාගෙන ගොස් ඇති අතර එක් පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන තංගල්ල රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා දියේ ගිලී අතුරුදන්ව ඇත. මරණකරු අවුරුදු 22 ක් වූ උණාකූරුව, තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නාවික හමුදාවේ සහය ඇතිව දියේ ගිලී අතුරුන් වූ පුද්ගලයා සොයා තංගල්ල පොලිසිය විසින් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි.

Read More

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේදි එකම දිසාවට ධාවනය වූ වාහන 04ක අනතුරට පත් විමෙන් යතුරුපැදිකරුවෙකු තුවාල ලබා ඇති බව හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පැවසීය.

Read More

අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14කට ආසන්න පිරිසකගේ සහනාධාර අත්හිටුවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.

Read More

සෞඛ්‍ය හා ආර්ථික ක්ෂේත්‍ර නංවාලීමට තායිලන්තයේ පූර්ණ සහාය: තායිලන්ත උප අග්‍රාමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක්

Read More

ඉදිකිරීම්, කාර්මික සහ වාණිජ හා සේවා අතුලු සියලු ක්ෂේත්‍රවල රැකියා සඳහා බලාත්මකයි -ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

Read More

රුපියල් හතලිස් පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු 10/28 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

කොරියානු භාෂා පරීක්ෂණයට අදාළව කාර්යාංශ නම භාවිත කරමින් ව්‍යාජ sms පණිවිඩ යොමු කිරීමේ ජාවාරමක් පිළිබද තොරතුරු ලාබී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. එම sms පණිවිඩය මගින් ව්‍යාජ ගිණුම් අංකයක් සදහන් කර ඊට මුදල් බැර කරන ලෙස එම පණිවිඩය මගින් කොරියානු භාෂා පරීක්ෂණයේ අපේක්ෂකයින් වෙත යොමු කරන බව මේ වන විට තොරතුරු ලැබී ඇත. මෙය මුළුමනින්ම වංචාවක් බව කාර්යංශය සදහන් කරයි.

Read More

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු පහක් දැවී ලකුණු 386ක් රැස් කළේය.

Read More

කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් හය කෝටි හැත්තෑ හත් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් 10/29 දින දහවල් වත්තල , කෙරවලපිටිය වෙස්ටර්න් පවර් විදුලි ජනන බලාගාරයේ දී සිදු කෙරුණි.

Read More

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු සන්නායක පද්ධතියට අයත් තඹ පටි මීටර් 2,199ක් සොරකම් කිරීමෙන් රුපියල් 8,442,091ක අලාභයක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය විය.

Read More

ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීම මෙන්ම, රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනඟමින් නිරෝගී ජනතාවක් බිහිකිරීම අරමුණු කරගෙන ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින හෙද විදුහල්වල තුන් අවුරුදු උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ 2020 ශිෂ්‍ය හෙද කණ්ඩායමේ අභ්‍යාසලාභීන් 2,819 දෙනෙකු තුන්වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස මෙරට සෞඛ්‍ය සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 01 වැනි ඉරිදා පෙරවරුවේ අරලියගහ මන්දිර පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතය.

Read More

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ’හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුගේ ඇප ඉල්ලීම් සහ තවත් විත්තිකරුවන් දෙදෙනෙකු නිදහස් කරන ලෙසට ඔවුන්ගේ නීතිඥවරුන් විසින් කළ ඉල්ලීම් කොළඹ මහාධිකරණය විසින් අද (29) ප්‍රතික්ෂේප කර ඇති බව වාර්ථා වෙයි.

Read More

සීදුව පොලිස් වසමේ කටුනායක, දුම්රියපොළ පාරේ පිහිටි නිවසක් වටලා තීරුබදු රහිතව නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය මත්පැන් බෝතල් 156ක් සමග පුද්ගලයෙකු සහ මෝටර් රථ දෙකක් පසුගිය 27 වැනිදා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000ක් පමණ වාර්තා වන අතර, වසරකට කාන්තාවන් 1,000ක් පමණ මෙම රෝගයෙන් මිය යති.

Read More

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Read More

ඊශ්‍රායල මහ මැතිවරණයේ මේ දක්වා නිකුත් කර ඇති ප්‍රතිඵලවලට අනුව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තම ප්‍රතිවාදියා වන හිටපු හමුදා ප්‍රධානී ගාඩි අයිසන්කොට් අභිබවා ඉදිරියෙන් සිටින නමුත්, පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට ඔහුට තවමත් නොහැකි වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright © 2018 Wijeya Newspapers Ltd.