මහනුවර පොලිස් වසමේ දොඩම්වල හන්දිය ප්රදේශයේදි මහනුවර සංචාරක පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයේ (22) වැටලිමක් සිදු කර ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳි සිටි විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවු 27ක්වු ඉන්දීය ජාතික දන්පාල් සිං යන අයවේ
සැකකරු අද (23) දින මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
මහනුවර සංචාරක පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරේ.