නාච්චදූව එළවළු හා පළතුරු අපනයන සැකසුම් මධ්‍යස්ථානය එළැඹෙන 24 දා ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාව තුළ එළවළු හා පළතුරු ආශ්‍රිතව අගයදායම ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ගුණාත්මක එළවළු හා පළතුරු අපනයන මගින් ගොවීන්ගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
ප්‍රථාමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 30ක වියදමින් මෙම අපනයන සැකසුම් මධ්‍යස්ථානය ඉදිකර තිබේ.
අමාත්‍ය දයා ගමගේ මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම මධ්‍යස්ථානය විවෘත කිරිමට නියමිතය.
