රටේ යහපත් සමාජයක් ගොඩනැගිමේ දී ප්‍රභලම අභියෝගාත්මක මධ්‍යස්ථානය බවට වැලිකඩ හිරගෙදර පත්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පසුගියදා නාවික හමුදාව මගින් මුහුදේ දී හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ජංගම දුරකථන පරික්ෂා කිරීමේ දී එම කටයුතු මෙහෙයවා ඇත්තේ ද වැලිකඩ බන්ධනාගාරයේ සිට බවට තොරතුරු අනාවරණය වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ඒ සම්බන්ධව විශේෂ පරික්ෂණයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදුකරන බවද ජනපතිවරයා සඳහන් කළේය.
අද (22දා) පෙරවරුවේ මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යා පාසලේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපති මෙම අදහස් පළ කළේය.
දේශපාලන ක්ෂේත්රයේ මෙන්ම සමාජයේ වැරදිකරන පුද්ගලයන් තමාට විරුද්ධ වී ඇත්තේ හොරකම, වංචාව සහ දූෂණය මෙන්ම රටේ සහ දරුවන්ගේ අනාගතය විනාශ කරන සියලු ජාවාරම් මැඩලීමට තමන් දැඩි වැඩපිළිවෙළක් ක්රිරයාවට නංවා තිබෙන බව පැවසු ජනාධිපතිවරයා තමාට කොපමණ තරම් නින්දා අපහාස සිදු කළ ද රටේ මතු පරපුර වෙනුවෙන් යහපත් සමාජයක් ගොඩනැගීමට තමා තුළ ඇති කැපවීම කිසිසේත් අත් නොහරින බවද පැවැසීය.
