ආවා සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
යාපනය, මානිප්පායි ප්රදේශයේදී පොලිස් මාර්ග බාධක රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් වෙත පහර දුන් ආවා කල්ලියේ බවට සැක කෙරෙන තවත් සැකකරුවන් තිදෙනෙක් ඊයේ (22දා) රාත්රිය වන විට අත්අඩංගුවට ගෙන ඇති බව මානිප්පායි පොලීසිය පවසයි.
සැකකරුවන් අද (23දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පසුගිය 20 වනදා ඉනුවිල් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් හා ආවා කල්ලිය අතර සිදුවූ ගැටුම සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් සිදුකළ මෙහෙයුමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි ප්රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, වයස අවුරුදු 19 ක් වන සැකකරුවන් දෙදෙනෙකු හා 20ක් වන සැකකරුවෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.