මෙරටට පැමිණෙන ගුවන්යානා වල අපද්‍රව්‍ය එම ගුවන්යානා මගින් විනාශ කිරීම සඳහා ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමට ලබාදුන්නත් ඒවා නිසි පරිදි පිළිස්සීමක් සිදුනොකරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
අපද්‍රව්‍ය ලබාදීමේදී ගුවන් සමාගම් විසින් යම් කිසි මුදලක් ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමට ලබාදීමටද කටයුතු කරයි.
ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම එම අපද්‍රව්‍ය සිය සමාගම සතුව නයිකන්දේ පිහිටි දහනාගාරයට දමා පිළිස්සීම සිදු කිරීම වසර 15 ක කාලයක සිට සිදු කළද මීට වසර 3ක සිට එසේ කිරීම නවතා දමා ඇතැයි එම ව්‍යාපාරය සඳහන් කරයි.
මේ වනවිට ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම එම අපද්‍රව්‍ය ටෙන්ඩර් කැඳවා ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු අතට පත් කිරීම සිදු කරන බවත් ගුවන්යානාවල අපද්‍රව්‍ය ගුවන්තොටුපොළේදී එම ව්‍යාපාරිකයින්ට තෝරා ගැනීමට ලබා දෙන අතර ඉතිරිවන කොටස් පමණක් නයිකන්දේ පිහිටි දහනාගාරයට යවන බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.
