ෂාෆිගේ ප්රශ්නය සංඛ්‍යාත අධ්‍යනයකින් විසඳිය යුතුයි
සංඛ්‍යාන අධ්‍යයනයකින් වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ගේ ප්රශ්නය වහා විසඳිය යුතු බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ, හෙට්ටිපොළ පඬුවස්නුවර සතිපොළ සහ බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පැවරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
"ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා පිළිබඳ ගැටලුව සතියකින් විසඳිය හැකි බවත්, එම ගැටලුව උසාවිවල අවුරුදු ගණනක් රස්තියාදු වෙමින් නීති තර්ක මතු කරමින් විසඳාගත යුතු ගැටලුවක් නොවන බවත් වෛද්‍ය සභාව සහ රජය විසඳිය යුතු කරුණක් බවයි.
චෝදනා ලබා සිටින ෂාෆි වෛද්‍යවරයාට අමතරව ශ්‍රී ලංකාවේ සිසේරියන් සැත්කම් කළ අනෙකුත් සිංහල දෙමළ වෛද්‍යවරුන්ගේ දත්ත රැස් කර ඒවා සසඳා විශ්ලේෂණය කිරීම මගිනුත් මෙම ගැටලුව නිරාකරණය කර ගත හැකියි.
සරලව කිවහොත් ෂාෆි වෛද්‍යවරයා සහ අනෙකුත් සිංහල දෙමළ වෛද්‍යවරුන්ගේ සිසේරියන් සැත්කම් වලින් පසුව එම සැත්කම්වලට භාජනයවූ මවුවරුන්ට නැවත දරුවන් නොලැබී යාමේ සම්භාවිතාව සහ එම ප්‍රතිශත සිංහල දෙමළ හා මුස්ලිම් හැටියට කොපමණ ද යන්න පිළිබඳ විද්‍යාත්මකව පැහැදිලි කියවීමක් කිරීමෙන් මෙම ප්රශ්නය විසඳා ගත හැකියි. ඒ වගේම මෙය සංඛ්‍යාන දැනුම ඇති විශ්වවිද්‍යාලයක සිටින ඕනෑම අයෙකුට සතියකින් විසඳාගත හැකි කාරණාවක්.
මෙය වහාම විසඳිය යුතු බැරුරුම් ගැටලුවක්. මන්දයත් කාන්තාවකට ගර්භාෂය නැති කරනවා යන චෝදනාව සිංහල බෞද්ධයින්ට පමණක් නොවෙයි ලොව ඕනෑම ජාතියකට තම අනාගත පරම්පරාව නැති කරනවා යන හැගිම ඇති කරවන සංවේදී කාරණයක්. මෙවැනි සංවේදී ගැටලුව ක්ක්ෂණිකවම ඒ වගේම සාධාරණව විසඳිය හැකිව තිබියදී එය උසාවි මාර්ගයට ගෙන ගොස් මාස ගණනක් පුරාවට එම කි‍්‍රයාවලිය දිගු වීමට හැර, මුස්ලිම් වෛද්‍යවරුන් පිළිබඳවත්, මුස්ලිම් ජනතාව පිළිබඳවත් සිංහල, බෞද්ධ සමාජය තුළම බිය සැකයක් ඇති කිරීමට ඉඩනොදී අදාළ ආයතන හා පුද්ගලයින් ඉදිරිපත්ව මෙය වහාම විසඳීමට කටයුතු කළයුතු" යැයි ඔහු පැවසීය.
කෂිනි හපුආරච්චි

popular news
-
Champa Tuesday, 23 July 2019 01:09 PM
මුස්ලිම් හෝ දෙමල වෛද්‍යවරුන් ලඟට ආයේ සිංහලයෝ යන්නේ නැහැ. ඒ විශ්වාසෙ කඩ වෙලා ඉවරයි. වහල් ආණ්ඩුව උවමනාවෙන්ම මේ නඩුව ඇදගෙන යනව කියන එක ඕනේ මිනිහෙකුට තේරෙනවා.
Reply : 213 6
චිත්‍රානන්ද Wednesday, 24 July 2019 05:46 AM
ආ .. චම්පවානි ..ඔබ හුඟ කාලෙකින් නොවැ.අපි දැන් දන්නා කාලයක ඉදලා බෙහෙත් ගන්නේ දෙමළ වෛද්‍යවරයෙකුගෙන්.එත් ලෙඩ සනීප වෙනවා.ඕබතුමී එහෙම යන්නේ නැතිද වෙනත් ජාතියක වෛද්‍යවරු ලඟට.?මම නම් හිතන්නේ නැහැ කිසිම ජාතියක වෛද්‍යවරයෙක් එහෙම කරයි කියලා.මොකද කවුරුත් කැමති නැහැ ඉල්ලගෙන කන්න.ඒ නිසා ඔය සිංහල අන්තවාදය කියන කන්නාඩිය ඉස්සරවෙලා ඔබතුමී ගලවන්න.අනිත් අයත් එහෙම කරාවි.
Reply : 0 0
Prof. Leslie Jayasekara Tuesday, 23 July 2019 02:15 PM
මෙම ප්‍රකාශය එකග වන අතර අදාල දත්ත ලබා දෙන්නේ නම් ව්ශ්ලේෂණය කල හැක.
Reply : 212 2
Kaldera Tuesday, 23 July 2019 04:27 PM
අනේ මේ ලෝකයේ මිනිස්සු ඉදිරියේ අපි ගෝත්‍රික ජාතියක් කියල ඔප්පු කරන්න යන්න එපා.. ඔය අර රාජගිරියේ බිල ගිහින් හප්පපු දරුවාගේ ජීවිතේ ගැන පොඩ්ඩක් බලන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

