ශ්‍රී ලංකාවේ හදිසි නීතිය තවත් මාසයක කාලයකට දීර්ඝ කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
ඒ සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනය අද (22දා) නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථා තත්ත්වයක් පැවැතීම හේතුකොටගෙන මහජන ආරක්ෂාව හා රටේ යථා පැවැත්වම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යාවශය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑමට මෙසේ හදිසි නීතිය දීර්ඝ කරන බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.
ඒ අනුව තවත් මාසයක කාලයක් හදිසි නීතිය ක්‍රියාත්මක වෙනු ඇත. කෙසේ වෙතත් රජය මීට ඉහතදී නිවේදනය කළේ නැවතවරක් හදිසි නීතිය ක්‍රියාත්මක කිරිමට සිදුනොවනු ඇති බවයි.
