saravita-anim2

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 6350 hours ago

LATEST

අද එන්නත්කරණය සිදු කරන මධ්‍යස්ථාන

calendar_today 2021 සැප් 28 - 09:33 remove_red_eye - 226  

අද (28) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 208 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

වයස අවු 12-19 අතර ළමයින් සඳහා වෙන එන්නත්කරණ වැඩසටහන ඔක්තෝබර් මස පළමුවැනිදා දක්වා තවදුරටත් පුළුල් කිරිමට යෝජනා වි තිබේ.

Read More

මත්තල මහින්ද ‍රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි ගුවන් මගීන් සංඛ්‍යාව පමණක් නොව රැගෙන පැමිණි හා ගෙන ගිය භාණ්ඩ ප්‍රමාණයන්ගේ ද වෙනත් වර්ෂ වලට සාපේක්ෂව සැළකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරනවා.

Read More

ශ්‍රී ලංකාව ඇනවුම් කළ ඩීසල් ඔක්තෝබර් 01 වැනිදා වනවිට නොලැබුණහොත් නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මැද දක්වා දිගු කරන්නට සිදුවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මින්නේරිය මිනිහිරිගම ප්‍රදේශයේ වෙළෙද සංකිර්ණයක ගොඩනැගිලක පිහිටා තිබු රාජ්‍ය බැංකුවකට අයත් ඒ.ටි.එම් යන්ත්‍රයක් කඩා එහි තිබු රුපියල් මිලියන 10කට අධික මුදලක් සොරාගෙන තිබේ.

Read More

මේ ආණ්ඩුවට ඩොලර් නෑ. ඩොලර් දෙන්න මිනිස්සුත් නෑ. ඒ වගේම මම දැක්කා ඉන්දියාවෙන් සල්ලි ඉල්ලනවා ඉන්ධන ගේන්න. ඒ සල්ලි හරියට ලැබුන්නැති වුණොත් ඉන්ධනත් නෑ. මේ කිරිපිටි ඇතුළු ගණන් වැඩි වෙන්නේ ලෝක වෙළෙඳ පොළේ ගණන් නිසා නෙවෙයි. මේ ආණ්ඩුවට සල්ලි නැති නිසා තමයි මේ මිල වැඩි‌ වෙන්නේ.

Read More

එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් සඳහා ඩිජිටල් සාමාජික හැඳුනුම්පතක් හඳුන්වාදීමට කටයුතු කරන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ පැවසීය.

Read More

’’සහල් මිල පාලනය ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණ්‍ය කරලා. ඉතින් සහල් මිල පාලනයට පැනවූ හදිසි නීතියට හා හමුදා පාලනයට මොකද වුණේ? හමුදාවට වෙළඳපොළ පරාජය කරන්න බෑ කියලා මම කොපමණ සැරයක් කිව්වද ? දැන් ප්‍රමාද වැඩියි. දෙසැම්බරයේදී නාඩු කිලෝව 150ක් වෙනවා. එකම විසඳුම මගේ ‘ශක්ති’ වැඩසටහනයි’’

Read More

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධ ප‍්‍රශ්නය ජාතික මට්ටමින් විසදා ගැනීමට නොහැකි නම් එය ජාත්‍යන්තරය රැගෙන යෑමට කතෝලික ජනතාවට පූර්ණ අයිතියක් ඇතැයි ඕමල්පේ සෝභිත හිමියෝ සදහන් කරති.

Read More

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව බලවත් රටවලට බූස්ටර් එන්නත්වලට යෑමට පෙර සියලු රටවල ජනතාවට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදෙන ලෙස කළ ඉල්ලීමට පයින් ගැසීමකි.

Read More

මේ අනුව සහල් මිලට අදාළව නිකුත් කර තිබූ ගැසට් නිවේදනයට අවලංගු වෙනු ඇත. ඒ අනුව වෙළඳ පොළ තුළ සහල් මිල ඉහළ යෑමට වැඩි ඉඩක් පවතින බව ආර්ථික විශේෂඥයෝ පවසති.

Read More

චීනය නිෂ්පාදනය කළ තවත් කොවිඩ් 19 එන්නතක් වන කැන්සිනොබයෝ එන්නත දරුවන් හා නව යොවුන්වියේ පසුවන අය සඳහා ඉහළ ප්‍රතිෂක්තියක් හා ආරක්ෂාව ලබාදෙන බවට තහවුරු වී තිබේ.

Read More

උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ගේ සහෝදරිය වන කිම් යෝ ජොන්ග් දින කිහිපයකට පෙර උතුරු කොරියාවේ හමුදා සංවර්ධනය පිළිබඳ දකුණු කොරියාවේ සහ එක්සත් ජනපදයේ ද්විත්ව න්‍යායන් හෙළා දුටුවාය.

Read More

රට විවෘත කළත් එය ක්‍රමානූකූලව කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.

Read More

කළුතර බන්ධනාගාරයේ ඩි අංශයට පිටතින් විසිකළ පාර්සලයක තිබි තහනම් ද්‍රව්‍ය තොගයත් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාරය මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.

Read More

නික්ම යන චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගේ දීර්ඝ කාලීන මධ්‍ය-දක්ෂිණාංශික ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය සියයට 24.1%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා සිය නරකම මැතිවරණ ප්‍රතිඵලය ලබා ගත්හ.

Read More

මත්පැන් හල් විවෘත කිරීමට තමන් අවසර නුදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සහ පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇතැයි පවසන පෙත්සම්කරුවෝ නිරෝධායන නීතිය ක‍්‍රියාත්මක සමයකදී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියමයන්ට පටහැනි අන්දමින් දිවයින පුරා මත්පැන් හල් විවෘත කිරීමට වගඋත්තරකරුවන් ගත් ප්‍රශ්න සහගත මෙම ක්‍රියා කලාපය හේතුවෙන් තමන් ඇතුළු ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වු බවට තීන්දුවක් ලබා දෙන්නැයිද ඉල්ලා සිටිති

Read More

මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේදී අවශ්‍යතාවන් අනුව රටම ආවරණය වන පරිදි සමානව එන්නත් බෙදා දෙමින් එම ක්‍රියාවලිය සාර්ථකව සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මන්නාරම ප්‍රදේශයේ සිදුකල සංචාරයක් අතරතුර ගොවි ගැටළු ඉදිරිපත් කිරීම සඳහා ප්‍රදේශයේ ගොවිජනතාව සිදුකල ඉල්ලීමකට මඩු, කෝවිල් මෝට්ටේ වගා භුමි තිබෙන ප්‍රදේශයට වැඩම කරන ලදි.

Read More

පතල්කරුවන් මතුපිටට ගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායමක් එම ස්ථානයේම වෙහෙසකර ව්‍යායාමයක නිරතව සිටින බවද පැවසෙයි.

Read More

2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේදී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් නොවැම්බර් මස 16 වනදා යළි කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

Read More

චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් වීඩියෝ සබැඳියක් හරහා සම්බන්ධ වෙමින් සාකච්ඡා පවත්වා තිබේ.

Read More

බණ්ඩාරවෙළ නගරයේ උපස්ථායක සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් එහි සේවයට පැමිණෙන රුමත් තරුණියන් සිහිමුජාවට ලක්කර දුෂණයට ලක්කර තිබෙන බව කියන එම ආයතනයේ හිමිකරු අද (27දා) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 51ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26දා) තහවුරු කර තිබේ.

Read More

ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක් නිකුත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියි.

Read More

ගුවන් මගීන් සඳහා පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමේ ක්‍රියාවලිය නතර කර නැතැයි ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියාරච්චි මහතා පවසයි. මෙම පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමේ ක්‍රියාවලිය අත්හිටුවා ඇති බවටත් අලුතින් ආරම්භ කෙරුණු පී.සී.ආර් පරීක්ෂණාගාරය වසා දමා ඇති බවටත් පල වන වාර්තා පදනම් විරහිත බවද උප සභාපතිවරයා පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර සංචාරක සහයෝගිතාව වර්ධනය සදහා ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීම කෙරෙහි අවදානය යොමුව තිබෙනවා.

Read More

ඉදිරියේදී පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී පූර්ණ එන්නත්කරණ කාඩ්පත සලකා බැලිය හැකි ක්‍රමවේදයක් පිළිබඳව අධ්‍යයනය කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

Read More

කොවිඩ් 19 සමයේ පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13හි ජනයාගේ සුබ සාධනය සඳහා රුපියල් මිලියන 7947ක් වැයවී ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසිය.

Read More

රත්නපුර දිස්ත‍්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අද (27) උදැසන වන විට කළු ගඟ ජල මට්ටම, රත්නපුර මුවගම සවිකර තිබෙන ජල මාපකයට අනුව මීටර් පහ ඉක්මවා ගොස් ඇති අතර එය ගං වතුර අතතුරු ඇඟවීමේ මට්ටම පසුකිරිමක් බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්‍යලය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.