අධිභාර බද්ද පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදය අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (09දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
අවශ්‍ය නම් මේ පිළිබඳ විවාද කළ හැකි බවත් අදාල පනත 2017දී යහපාලන ආණ්ඩුව විසින් ගෙන ආ බවත් එහිදී අදහස් පළ කරමින් තරුණ හා ක්‍රීඩා අහාත්ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මෙම 25%ක බද්ද ගසා තිබෙනුයේ වර්ථමාන ආණ්ඩුව බවත් එම ක්‍රියාමාර්ගය පසුගිය යහපාලන රජය සිදු කළ බවට ආණ්ඩු පාර්ශවය චෝදනා කරමින් සිටින බවත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳ අදහස් පළ කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එම අවස්ථාවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ පිළිබඳ අදහස් පළ කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර එහිදී විවාදයක්ද හට ගැනුනහ.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - වර්තමනයේ රට මුහුණ දෙන බරපතල කරුණු කාරණා ගණනාවක් පිළිබඳ ඊයේ මම ප්‍රශ්නයක් ඇහුවා. මේ රටේ ආනයන සඳහා අදට තිබෙන සංචිත ප්‍රමාණය සති තුනකට පමණයි ප්‍රමාණවත් වන්නේ. මෙවන් බරපතල ප්‍රශ්නයක් අසද්දි අපිට පේනවා අද දවසෙත් මේ බරපතල ප්‍රශ්නයට මේ සභාවේ පිළිතුරු නැහැ.
නිමල් සිරිපාල ද සිල්වා මහතා දන්නවා ඇති ලංකාවේ තිබෙන ලොකුම අරමුදල අර්ථසාදක අරමුද ට්‍රිලියන තුනක් තිබෙනවා. එහි ලා‘‘භය බිලියන 250යි. මේකට 25%ක බද්දක් ගහලා වැඩ කරන ජනතාවගේ මුදල් වලට තට්ටු කරන උත්සාහයක් අද මුදල් ඇමතිවරයා ක්‍රියාත්මක කරන්නයනවා.
වෙන මොනවටවත් නෙවෙයි තමන්ගේ ගෝල බාලයන්ට වැඩ ලක්ෂයක් කිරීම සඳහා. කම්කරු ඇමතිවරයාගෙන් මේ අවස්ථාවේ උත්තරයක් අවශ්‍යයි වැඩ කරන ජනතාවගේ ට්‍රිලියන 3ක අරමුදල් වලට බිලියන 250ක ලාබයට 25෴ක බද්දක් ගහලා මිලියන 65කගේ අධිෂ්ඨානය, ශ්‍රමය, කැපකිරීම තුලින් උපයා ගත් මුදලට පිට් පොකට් ගහන්නද හදන්නේ?
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා - මගේ ස්ථාවරය මම දැනටමත් ප්‍රකාශ කරලා තිබෙනවා. මේක ගැසට් එකෙන් ආපු එකක් විතරක් නෙවෙයි. මීට පෙර ආදායම් දෙපාර්තමේන්තුව මගින් අර්ථ නිරූපනයක් දීලා තිබෙනවා ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. මුදල් වලින් කරන ආයෝජන වලින් ලැබෙන මුදල් ඒ පනත යටතේ ආදායමක් ලෙස එන නිසා ඒකට ටැක්ස් එකක් ගෙවන්න ඕනි කියලා. නමුත් අපේ අමාත්‍යාංශය පැහැදිලි ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තිබෙනවා ඒ අර්ථ නිරූපනය වැරදියි කියන කාරණය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයාට ස්තූතිවන්ත වෙනවා එතුමා බොහොම පැහැදිලිව කිව්වා එතුමාගේ අමාත්‍යාංශය විරුද්දයි කියලා. ඔහුගේ අමාත්‍යාංශයේ විරෝධතා මැද්දේ කොහොමද තමන්ගේ හිතුමතේට ගැසට් එකක් ගහන්නේ?
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා - මේ ප්රශ්නය පිළිබඳ ඒ අවස්ථාවේදී අමාත්‍යාංය ලෙස මේ අර්ථ නිරූපනය කිරීම වැරදියි කියලා දන්වලා තිබෙනවා. නමුත් අලුතින් ගැසට් එකක් ගහලා තිබෙනවා නම් ඒ පිළිබඳ වෙනම විවාදයක් කරන්න ඕනී ඒක හරිද වැරදිද කියන කාරණය පිළිබඳ.
එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ - රජය විසින් තීරණය කළ යුතුයි ඊ.පී.එෆ් සහ ඊ.ටී.එෆ් ආදායම් බදු වලින් ඉවත් කරනවාද කියලා. ඒක අපි සාකච්ඡා කිරීම අවශ්‍යයි. එහෙම නැතිනම් මේක අධිකරණයට යන්න වෙන කාරණයක්. මම කියන්නේ අපි කතා කරල මෙතන හෝ අදාල කමිටුවෙන්, ඉන්පසු ඉදිරිපත් කරන්න පුලුවන් කෙටුම්පතක්. මේ අරමුදල් දෙකම ආදායම් බදු වලින් නිදහස් කරනවා කියලා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - සමගි ජන බලවේගය මේ සම්බන්දයෙන් විවාදයක් ඉල්ලනවා. දෙවතාවක් බදු ගහනවා. ඒක නීතියෙන් තහනම්. ඒ නිසා අපි මේ සම්බන්දයෙන් විවාදයක් ඉල්ලනවා.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ - 2017දී මේ පනත ගෙනාවේ යහපාලන ආණ්ඩුව. ඔබතුමාලා ඒක දන්නේ නෑ වගේ කතා කරනවා. කිරිඇල්ල ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමා මේකට විවාදයක් ඉල්ලනවා පාර්ලිමේන්තුව ඇතුලේ මේ ආර්ථික දත්ත පිළිබඳ දන්නේ නෑ කියලා. ඒත් එතුමා එළියට ගිහින් කියනවා ආර්ථිකය කඩාගෙන වැටෙනවා කියලා. විවාද ඕනි නම් විවාද කරන්න පුලුවන්. ඒත් ජනතාව නොමග යවන ප්‍රකාශ පාර්ලිමේන්තුවේ නොකර ඉන්න ඕනී.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - මේ ගැසට් එක ගහලා තිබෙන්නේ හිටපු ආණ්ඩුව වගේ. මේ 25% බද්ද ගහලා තිබෙන්නේ මේ ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ සල්ලි වලින්. මොනවද මේ කියන්නේ මේක ගිය ආණ්ඩුවේ කරපු වැඩක් කියලා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - නාමල් ඇමතිතුමා කිව්වා අපේ කාලයේ ගෙනාපු එකක් කියලා. මම කියනවා ඒ වගන්තිය කියවන්න කියලා. වගන්තිය කියවන්නේ නෑ මේ සියල්ල බොරු.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ - ඔබතුමා වගන්ති හොයන්න කලින් පනත හොයාගෙන ඉන්න. ඔබතුමා පනත ගැන දන්නේ නැතිව වගන්ති ගැන කතා කරනවා. ඔබතුමාට වගන්ති ඕනි නම් බන්දුල ගුණවර්ධන ඇමතිතුමා හෙට සියලුම වගන්ති ටික සභාවේ සභාගත කරයි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - මෙතුමාට වගන්තිය කියවන්න කිව්වා. එතුමා දන්නේ නෑ.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ - මට වගන්තිය කියවන්න පුලුවන්. පනත දන්නේ නැති මනුෂ්‍යාට වගන්තියක් කියවලා වැඩක් තිබෙනවාද?
