ශ්‍රී ලංකාව තුල කොවිඩ් මැඩලීම වෙනුවෙන් 2021ඔක්තොම්බර මස 31 දක්වා පමණක් මෙරට තුළ PCR පරීක්ෂණ කටයුතු වෙනුවෙන් පමණක් රුපියල් බිලියන එකලොස් දාහකට (11,064,081,000.00) අධික මුදලක් යොදවා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදුකළ ඉල්ලීමකට අනුව 2022 පෙබරවාරි මස 02 දිනැතිව මෙම තොරතුරු ලබා දී තිබේ. එමෙන්ම එම දින වන විට PCR පරීක්ෂණ හතළිස් දෙලක්ෂයකට අධික ප්‍රමාණයක්ද සිදු කර තිබෙන බව වාර්තා වෙයි.
එමෙන්ම මෙම PCR පරීක්ෂණ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල් හා ආයතන 18ක් ,ආරක්ෂක අමාත්‍යාංශය සතුව ඇති ආයතන 02ක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සතුව ඇති ආයතන 05ක් ඇතුළු දිවයිනේ ආයතන 25ක් තුලදී සිදුකර ඇති බවත් කිසිදු පුද්ගලක රෝහලක් මගින් PCR කටයුතු සිදුකිරීමට සෞඛ්‍යඅමාත්‍යාංශය මුදල් ගෙවා නොමැති බවද එම තොරතුරු වල සදහන් වේ.