බොරැල්ලල සියළු ශාන්තුවරුන්ගේ දේවස්ථානය තුළ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කළ දේවස්ථාන සේවකයා මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රාජින්ද්රා් ජයසූරිය මහත්මිය අද (09දා) නියම කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කළ විමර්ශන වලට අදාළ උධෘත පරීක්ෂා කිරීමේදී සැකකරුට එරෙහිව අපරාධ චෝදනාවක් අනාවරණය නොවන හෙයින් ඔහු මුදාහරින්නැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය සෙල්වදුරේ ෆ්‍රැන්සිස් මුනින්ද්රන් හෙවත් මුනි නැමැති දේවස්ථාන සේවකයා මුදාහැරීමට නියම කළාය.
මෙම පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශය සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි දිලීප පිරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කළ විමර්ශන වල උධෘත කැඳවා කළ පරික්ෂා කිරීම් වලදී මුනි නමැති සැකකරුට එරෙහිව අපරාධ චෝදනාවක් අනාවරණය නොවූ බවත් ඒ අනුව සැකකරුට එරෙහිව තවදුරටත් නීති මගින් කටයුතු නොකරන හෙයින් ඔහු මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.