අපිටත් වැල්ලේ ඇවිදලා පුරුදුයි
එන්න එන්න රට අවුලෙන් අවුලට පත්කිරීමට විපක්ෂය කටයුතු කරමින් සිටින බවත් අද විපක්ෂය නිදහසේ කටයුතු කරන්නේ ආණ්ඩුව වසංගතය මර්දනය කිරීමට කටයුතු කළ යුතු නිසා බවත් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
අනුරාධුර සල්ගාදු ක්රීඩාංගණයේ පැවැත්වෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළිය අමතමින් ඔහු මේ බව පැවැසීය.
ඉතිහාසයේ ගොවියට ලැබුණ හොඳම සහනය වත්මන් ආණ්ඩුවෙන් ලැබී ඇති බවත් වී කිලෝවකට ඉහළ මිලක් ලැබෙන බවත් ඔහු පැවැසීය.
වත්මන් ආණ්ඩුව ගොවියාගේ පරම හතුරා බවට ආණ්ඩුව හඳුන්වන බවත් ඔහු පැවැසීය.
" වසර දෙකක් තුළ ගොවියා පාරට කවුද ගෙනාවේ. ගුරුවරයා පාරට කවුද ගෙනාවේ. ඉදිරි වසර තුනත් අවුල් කරන්න හදන්නේ. අපිටත් වැල්ලේ ඇවිදලා පුරුදුයි. අපිටත් පාද යාත්රා හුරුයි. අපිත් ජනතාව අතරට යනවා. අපිත් ගොවියා අතරට යනවා. අපි ඒ අභියොගයට සූදානම්.
අධිකරණයට වූ බලපෑම් රන්ජන්ගේ හඩපට තුළින් ඉදිරියට ආවා. ජාතික ආරක්ෂාව බිංදුවට වැටුණා. මෙහෙම තිබුණ රටකට අද අපි නිදහස ගෙනල්ලා තියෙනවා. අපිත් ඒ නිදහස ප්ර යෝජනයට ගන්නවා.
පුළුවන්නම් කුමන්ත්රණ කරලා නොවෙයි ජනතාව අතරට ඇවිත් මේ සටන දින්නන. ඡන්දය පරාදවෙයි කියලා අපි තීරණ ගන්න අය නෙමෙයි. අපි රට වෙනුවෙන් වැඩ කරනවා. "

popular news
-
Kumar Wednesday, 09 February 2022 04:44 PM
ithi maytharam palapuruddhak thibiyadeeth muluratama prapathayakata watenne yanne mokada.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

