ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත වාර්තාව පිළිබඳ මාර්තු මාසයේදී විවාදයක් ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කළේපාර්ලිමේන්තුවේදී අද (09දා) ප්‍රකාශයක් කරමිනි.
මේ සම්බන්ධයෙන් ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් ලබා දීමට කටයුතු කරන බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
කෙසේ වෙතත් මෙම විවාදයට පෙර රටේ පවතින වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඉල්ලා තිබෙන දින 02ක විවාදය ලබා දිය යුතු බවත්, මුදල් අමාත්‍යවරයා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළසිදු නොකිරීම හේතුවෙන් මෙම විවාදය ලබා දෙන ලෙස ඉල්ලීම් කළ බවත් එහිදී අදහස් පළ කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
මෙරට ආර්ථිකය කඩා වැටීමට ආණ්ඩුව ඉඩ ලබා නොදෙන බවත්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දක්ෂ ලෙස මුදල් අමාත්‍යාංශය මෙහෙයවන බවත් එහිදී අදහස් පළ කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.