එළවළු වගාවන් සඳහා අවශ්‍ය පොහොර හා වෙනත් කෘෂි රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් තමන් කණකර පවා උකසට තබා සිදුකළ එළවළු වගාවන් විනාශයට පත්වූ බව පෙන්වා දෙන බදුල්ල කැන්දගොල්ල ප්‍රදේශයේ එළවළු වගාකරුවෝ තමනට සිදුවූ අලාභයට රජය වන්දි ගෙවිය යුතු බව පවසති.
වගාවලට අවශ්‍ය පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය නැතිවීමෙන් මේ සැරේ එළවළු වගා සීයට අනූවක්ම විනාශවෙලා ගියා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලන්නේ අපේ ජීවනෝපාය කරගෙන යන්න අවශ්‍ය පොහොර හා වෙනත් කෘෂි රසායන ද්‍රව්‍ය හැකි ඉක්මණින් ලබාදෙන්න කියලයි. එහෙම බැරිනම් රජයෙන් වෙනත් රැකියා හෝ සුදුසු ආදායම් මාර්ගයක් සළසා දෙන්න ඕනෑ යැයි බදුල්ල කැන්දගොල්ල ප්‍රදේශයේ ගොවීන් පැවසීය.
හාලිඇල- විජේරත්න රත්නායක



