වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලෙබනන් රැකියා සඳහා ඇතුළුවීමට නැවත අවසර ලබා දී ඇති බව ලෙබනන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදැමීම සිදුකළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් එම දත්ත පවත්වාගෙන පෞද්ගලික ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා එළඹෙන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
Read Moreහාල් මිල ඉදිරියේදී ඉහලයා හැකි බවත් ඉහල යන හාල් මිල අඩු කිරීමට ඉදිරියේදී වැඩපිළිවෙළක් දියත් කරන බවත් සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (29) ඌරගස්මංහන්දිය හිපන්කන්ද ප්‍රදේශයේදී කීවේය.
Read Moreයාල වන සංරක්ෂණ ප්‍රදේශය විනාශ කරමින් ඉදිකිරීම් සිදු කිරීමට කිසිසේත් ඉඩක් ලබා නොදෙන බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච් පි සුමනසේකර මහතා පවසනවා.
Read Moreමේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝම්බර් 01දා පෙරවරු 4.00ට අවසන් කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ.
Read More1988 දී පිහිටුවන ලද සීමාසහිත ෂියාමෙන් කිං ලෝන්ග් යුනයිටඩ් ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි සමාගම, විශාල හා මධ්‍යම ප්‍රමාණයේ බස් සහ වෑන් නිෂ්පාදනය කරයි.
Read Moreකොළඹ සහ මාතලේ මහෙස්ත‍්‍රාත් අධිකරණ මගින් නිදහස් කරන ලද හීලෑ අලි ඇතුන් 15 දෙනකු මුල් අයිතිකරුවන්ට ලබාදීම සඳහා ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට වාරණ නියෝගයක් නිකුත් කළේය.
Read Moreරාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරියකු අනතුරට පත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
Read Moreජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදැමීම සිදුකළ එම දත්ත පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා අද (29) පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
Read Moreමෙවර මහ කන්නය සඳහා චීනයෙන් ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර අදාළ සමාගමෙන් ආනයනය නොකිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ තීරණය කර තිබේ.
Read Moreකලකට පසු සීගිරිය නැරඹීම සඳහා දිනකට විදේශීය සංචාරකයන් 15-20 විස්සත් අතර ප්‍රමාණයක් මේ දිනවල පැමිණෙමින් සිටින බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘති කළමනාකරු උපුල් නිශාන්ත මහතා අද (29දා) දින පැවසීය.
Read Moreමෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීමට අදාළව රටට අවාසිදායක කිසිඳු ගිවිසුමකට ඛණිජ තෙල් අමාත්‍යවරයා ලෙස තමන් අත්සන් නොතබන බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසා සිටියි.
Read Moreපුරප්පාඩුව පවතින මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා නව සභාපතිවරයෙකු නම් කරමින් ලබන 27 වනදා තෙක් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් වළකින ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් උතුරු පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරයා වෙත නියෝගයක් නිකුත් කළේය.
Read Moreවිශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් iii හි නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව ඊයේ (28) වන දින අංක 230, පරණ යෝන් වීදිය, කොළඹ 12 ලිපිනයේ දී නිවසක් තුළ ගබඩා කර තිබූ දුම්වැටි දොළොස් දහසක් (12,000) සමග වයස අවුරුදු 43 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ෂන කටයුතු සඳහා කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත බාර දී ඇත.
Read Moreඉදිරියේදී රට විවෘත කරන අවස්ථාවේදි ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියි.
Read Moreදින 86කට පසු මෙරටින් දිනක් තුළ අඩුම කොරෝනා ආසාදිතයන් පිරිස ඊයේ දවසේ වාර්තා වුණා.
Read Moreමෙරට ජනගහනයෙන් එක් කෝටි දාහත් ලක්ෂයකට අධික පිරිසකට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More[LONG READS] ඇෆ්ගනිස්තානයේ අභ්‍යන්තර දේශපාලන සංස්කෘතිය අසමගිය සහ වෙන් වී තම බලය පෙන්වීම නමැති කල්ලිවාදය මත පදනම් වී තිබිණි. 1933 නොවැම්බර් මාසයේ සිට ඇෆ්ගනිස්තානය පාලනය කළ එරට අවසන් රජු වූ මොහොමඩ් සහීර් ෂා 1973 ජූලි මාසයේදී ඔහුගේ ඥාතියෙකු විසින්ම බලයෙන් පහ කිරීම නූතන ඇෆ්ගනිස්තානය විනාශ වීමේ ආරම්භය යැයි සඳහන් කළ හැකිය.
Read Moreසියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණයට ලක්කර මහජන සේවාව ඇඟිලි තුඩු මතින් සිදු කර ගැනීමේ හැකියාව ඇති කරන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
Read Moreවරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස් කර ගැනීම සඳහා රාජ්‍ය බැංකු දෙකකට අමෙරිකානු ඩොලර් මිලියන 50 ක් නිදහස් කිරීමට පියවර ගත් බව මහ බැංකු අධිපතිවරයා පවසා සිටියි.
Read Moreපසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගන්නා කඩඉම් ලකුණු සති දෙකකින් නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළේය.
Read Moreමීගමුව පොලිස් වසමේ කුට්ටිදූව ප්‍රදේශයෙන් මුහුදු ගිය පුද්ගලයින් දෙදෙනෙක් බෝට්ටුව පෙරළීමෙන් අතුරුදන්ව තිබේ.
Read Moreමෙවර IPL තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක එකම වේලාවකදී පැවැත්වීමට තරගාවලියේ සංවිධායකයින් තීරණය කර තිබේ.
Read Moreකොළඹ රාජකීය විද්‍යාලයීය ඉතිහාස සංගමය විසින් දෙවැනි වරට සංවිධාන කරනු ලබන ‘මහාචාර්ය සෙනරත් පරණවිතාන අනුස්මරණ කුසලාන ඉතිහාස දැනුම මිනුම තරගාවලිය 2021’හි අර්ධ අවසන් තරග සහ අවසන් මහා තරගය අද (29දා) පැවැත්වේ. ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සංවිධානය කෙරුණු පළමු ඉතිහාස දැනුම මිනුම තරගාවලියද වෙයි.
Read Moreපක්ෂය ඉල්ලා සිටියහොත් වයඹ පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂක ධුරයට තරඟ වැදීමට තමා සූදානම් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසා සිටියි.
Read Moreඅද (29) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 185 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreමේ වන විට කොළඹ නගරයේ වටිනා ඉඩම් සහ ගොඩනැගිලි 15 කට වඩා වැඩි ප‍්‍රමාණයක් විකිණීමට ආණ්ඩුව දැන්වීම් පළ කර ඇතැයි ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
Read Moreප‍්‍රතිඵල නිකුත් කරනු ලැබූ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අක‍්‍රමිකතා සිදුකළ බව කියන සිසුන් 207 කගේ ප‍්‍රතිඵල අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
Read More2035 වනවිට නවීකරණය සාක්‍ෂාත් කර ගැනීම සහ 2050 වනවිට චීනය සෑම තත්ත්‍වයකින්ම විශිෂ්ඨ නූතන සමාජවාදී රටක් බවට පත් කිරීමේ රටේ දිගු කාලීන අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන කාර්ය මණ්ඩල පදනම වැදගත් බව චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.
Read Moreමන්නාරම ප්‍රාදේශිය සභා සභාපති ධුරයෙන් තමා ඉවත් කිරිමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ගත් තිරණය බල රහිත කරන ලෙස ඉල්ලා ෂාහුල් හමිඩ් මොහොමඩ් මුජාහිර් මහතා අභියාචනාධිකරණයට හමුවේ අද (28) රිට් පෙත්සමක් ගොනු කළේය.
Read More