ජා-ඇල ඒකල ප්‍රදේශයේ ඊයේ (08දා) රාත්‍රී සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙකු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් ව තිබූ බව ජා-ඇල පොලීසිය පවසයි.
ඒකල මිනුවන්ගොඩ පාරේ රාත්‍රී 11 ට පමණ මෙම අනතුර සිදුව තිබේ. ඒකල දෙස සිට ජා-ඇල දෙසට ගමන් ගත් යතුරු පැදියක පිටුපස ට එම දෙසටම ගමන් ගත් මෝටර් රථයක් ගැටී මීටර් 80 ක් පමණ ඈතට කාර් රථය සමග යතුරු පැදිය ඇදී ගොස් තිබේ.
එහි දී යතුරු පැදියේ ගමන් ගත් අය බරපතල තුවාල ලබා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් තිබු බව ජා-ඇල පොලීසිය පවසයි. මෙලෙස අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගොඩේ වත්ත ජඹුරේගොඩ වැලිගම පදිංචි අනිල් සමරවීර (58) අය බව පොලීසිය හදුනාගෙන ඇත. අනතුරට සම්බන්ධ මෝටර් රථය පැදවු අය ජා-ඇල පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ජා-ඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජී.ඩි. රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් සිදු කරනු ලබයි.
ජා-ඇල ප්‍රසංග පෙරේරා