පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහ ඔහුගේ බිරිඳගේ විදෙස් ගමන් තහනම ලබන මැයි මස 24 වැනිදා තෙක් තාවකාලිකව ඉවත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඔවුන් දෙදෙනාට විදෙස් ගතවීමට අද (09දා) අවසර ලබාදුන්නාය.
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය බව කියන ඉශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුනට විදෙස් ගමන් තහනම් කර තිබුණි.
කටාර් රාජ්‍යයේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගී වීම සදහා තම සේවාදායකින් දෙදෙනා සූදානම්ව සිටින බැවින් ඒ සදහා ඔවුන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර දෙන ලෙසට සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනිල් සිල්වා මහතා කළ ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම අවසරය ලබා දුන්නාය.