ශ්‍රී ලංකා පත්රකලා සංගමයේ 67 වැනි සාංවත්තසරික උත්සවය ඊයේ (08දා) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා යෙුනෙස්කෝ හී ශ්‍රී ලංකා කොමිසමේ මහ ලේකම් ආචාර්ය පුංචිනිළමේ මීගස්වත්ත මහතා ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී වූහ.
මෙහිදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන දිනපතා ‘ලංකාදීප’ පුවත්පතේ විශේෂාංග කර්තෘ චන්ද්‍රිකා විජේසුන්දර මෙනවිය, සුනිල් දයා අල්විස්, ආතර් යූ. අමරසේන, සරත් කුරේ සහ ඒ. සී. ද සිල්වා යන මහත්වරු ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ ආරම්භක සාමාජිකයන්ගෙන් ප්‍රධානියෙක් වන ඩී. එෆ්. කාරියවකරවන අනුස්මරණ ජනමාධ්‍ය උපහාර ලැබූහ.


