ග්‍රාමීය සමූපකාර සමිති බැංකුව නමින් තිස්ස කුට්ටිආරච්චි මහතා ව්‍යාජ බැංකුවක් පවත්වාගෙන යන බවත් එලෙස ව්‍යාජ බැංකුවක් පවත්වාගෙන යන්න ආණ්ඩුව ඉඩ ලබා දී තිබෙනුවේ ඇයිද යන්න ප්‍රශ්න කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (09දා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
අදාල බැංකුව සඳහා සමූපකාර යන නම භාවිතා කර තිබේ නම් සිය අමාත්‍යාංශයට මැදිහත් විය හැකි බවත් ඒ අනුව මේ පිළිබඳ සොයා බැලීමක් කිරීම කටයුතු කරන බවත් ඊට පිළිතුරු ලබා දෙමින් සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න - ග්‍රාමීය ප්‍රාග්ධන බැංකුවක් තියෙනවාද කියලා චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අහලා තිබෙනවා. එහෙම බැංකුවක් තවම නෑ. සෞභාග්‍යයේ දැක්ම තුළින් අපේ රටේ සමූපකාර බැංකු එකතු කරලා බැංකුවක් ස්ථාපිත කළ යුතුයි කියලා. නමුත් මෙවැනි බැංකුවක් නෑ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි - අන්න හරි එහෙම බැංකු නෑ. නමුත් එහෙම බෝඩ් ගහපු බැංකු තිබෙනවා ඇමතිතුමා. මේවා නීත්‍යානුකූලව නෙවෙයි තිබෙන්නේ. මේවා හොර ඒවා. මේවගේ ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඥාතීන් තමයි මේවා කරන්නේ. විශේෂයෙන්ම ඔය පැත්තේ වැඩියෙන්ම කෑ ගහන් මන්ත්‍රීවරයෙක්ගේ බැංකුවක් ගැන මම මේ කියන්නේ. මේ රටේ ව්‍යාජ විදියට බැංකු කියන නාමය පාවිච්චි කරලා අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි වංචා කරන බැංකුවක් තිබෙනවා.
සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගිණක ආරක්ෂ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න - සමූපකාර කියලා තිබෙනවා නම් විතරයි අපිට මැදිහත් වෙන්න පුලුවන්. නැත්නම් බැංකුවක් කියලා තිබෙනවා ඒක මහ බැංකුවෙන් බලන්න ඕනී.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි - මම දෙන්නම් විස්තර. මේ වගේ බැංකු ශාකා ගණනාවක් දාගෙන ව්‍යාජ ලෙස මුදල් එකතු කර ගනිමින් සමූපකාර ග්‍රාමීය බැංකු කියන නාමය දාගෙන තිබෙනවා. දිවයින පුරා ශාකා 171ක් තිබෙනවා මම දන්න විදියට. මම නම් කියන්න බය නෑ. ඔය පැත්තේ වැඩියෙන්ම කෑ ගහන තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ බැංකුව තමයි ග්‍රාමීය සමූපකාර සමිති බැංකුව. ඒ බැංකුව නීත්‍යානුකූල නෑ. තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ මේ හොර බැංකුව පවත්වාගෙන යන්න ආණ්ඩුව ඇයි කටයුතු කරලා තිබෙන්නේ?
සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න - ඒ පිළිබඳ අපි සොයාබැලීමක් කරන්නම්. විශේෂයෙන් ඒක පළාත් සභාව යටතේ පාලනය වෙනවා ඇත්තේ. රේඛීය අමාත්‍යාංශට යටතේ මේ වගේ බැංකුවක් නෑ. මේ කියන බැංකුව ගැන සමූපකාර නම තිබෙනවා නම් අපි මැදිහත් වෙන්නම්. එහෙම නැතිනම් අපි සියලුදෙනා එකතු වෙලා මහබැංකුවට දැනුවත් කිරීමක් කරමු.
