රාසමානික්කම් ඇමති ජොනීගෙන් කළ ඉල්ලීම
පාර්ලිමේන්තුවේදී තමා අදහස් පළ කරන සෑම අවස්ථාවකම ආණ්ඩු පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් අසභ්‍ය වචන සහ ඇතැම් ප්‍රකාශ කරමින් බාධා කරන බවත් මේ පිළිබඳ කථානායකවරයා මෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා දැනුවත් කර තිබෙන බවත් ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පැවසීය.
කෙසේ වෙතත් දිගින් දිගටම බාධා කිරීම් සිදු වන බවත් එලෙස සිදු කරන මන්ත්‍රීවරුන් සම්බන්දයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලීමක් කරන බවත් ඊයේ (08දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා,
"ද්‍රවිඩ ජාතික සන්ධානයේ අපේ ඉල්ලීම් ඉතාමත් සාධාරන ඉල්ලීම්. අපි ඉල්ලන්නේ අතුරුදන් වූ පුද්ගලයන්ට සිදු වු අසාධාරනය ගැන කතා කරන්න. උතුරු නැගෙනහිර ඉන්න ජනතාවට දේශපාලන අයිතිවාසිකම් ලබා දෙන්න. අපි මොන අවස්ථාවකවත් වෙනම රටක් ඉල්ලලා නෑ. අපි නොබෙදිය යුතු ශ්‍රී ලංකාවක් තුල අපේ දේශපාලන අයිතිවාසිකම් ඉල්ලන්නේ.
ඒත් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පිටිපස්සේ ඉන්න මන්ත්‍රීතුමා මම කතාකරන්න පටන් ගත්තම හැමදාම අසභ්‍ය වචන වලන් කතා කරනවා. ජොන්ස්ටන් ඇමතිතුමාට මම පසුපෙල මන්ත්‍රීවරුන්ගේ රැස්වීමෙත් මේක කිව්වා. මන්ත්‍රීවරයෙක් කතා කරද්දි ඇමතිතුමා අසභ්‍ය වචන සහ සමහර දේවල් කියනවා. නිකන් නැගිටලා ඕනි කෙනෙක් බාධා කරන එක හරි.
මම ඒ වචන ටික පාර්ලිමේන්තුවේ කියන එක හරි නෑ. මම කථානායකතුමාටත් මේ ගැන කියලා තිබෙනවා. අපිටත් ජොන්ස්ටන් ඇමතිතුමා වෙන කෙනෙක් කතා කරද්දි අසභ්‍ය වචන කියන්න බැරිකමක් නෑ. දන්නේ නැතිවත් නෙවෙයි. ඒ අපිව හදපු හැටි. මේ වගේ මිනිස්සු කොහෙන් ආවද කියලා මම දන්නේ නෑ. මම ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා පුලුවන් නම් මේ මන්ත්‍රීවරයා ගැන ඇක්ශන් එකක් ගන්න." යනුවෙන් සඳහන් කළේය.

popular news
-
Demuni Uduwara Wednesday, 09 February 2022 05:50 PM
Mr Rasamanikkam, From Gotabaya to POHOTTUWA back bench MPs don't know to tala ethical words ! I don't remark on PM and his son !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

