එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කර තිබේ. සාගල රත්නායක මහතා මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලෙස කටයුතු කරයි.
සාගල රත්නායක මහතා ජාතික සංවිධායක ධුරයට පත් කිරීමේ තීරණය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කර ගැනීමට නියමිතය.
පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇති අතර පක්ෂයේ කළමනාකරණ කමිටුව එම පත්කිරීමට අනුමැතිය දී තිබේ.