පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහරය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම සඳහා ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ගෙන යන සටනට ප්‍රැන්සිස් පාප් වහන්සේ සහයෝගය ලබා දෙන බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවැසූහ.
ඊයේ සවස (08දා) ඩේලි මිරර් ඔන්ලයින් සහ ලංකාදීප ඔන්ලයින් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සිරිල් ගාමිණී ප්‍ර නාන්දු පියතුමා කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍ර හාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් තමාගේ කනස්සල්ල සඳහන් කරමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පාප් වහන්සේට ලිඛිතව දැනුම් දුන් බවයි.
ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කළේ පාප් වහන්සේ අවශ්‍ය දේ කිරීමට සහාය ලබා දෙන බවට ප්‍ර තිචාර දක්වා ඇති බවයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් කතෝලික සභාව සිය නොසතුට පළ කර තිබේ.
ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම කතෝලික සභාවට අවශ්‍ය බව ප්‍රනාන්දු හිමියෝ පැවසූහ.
