අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙහි අද (9දා) පැවති චිත්‍ර විෂයෙහි දෙවන කොටස ප්‍රශ්න පත්‍රය ලබා නොදුන් බවට විභාගයට පෙනී සිටි සිසුන් දෙදෙනෙකු විසින් ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කොට තිබේ.
ගම්පහ , තක්ෂිලා විද්‍යාලයෙහි පැවති එක් විභාග ශාලාවක සිසුන් දෙදෙනෙකු චිත්‍ර විෂයයට පෙනී සිට ඇති අතර එම දෙදෙනාට දෙවන ප්‍රශ්න පත්‍රය ලබාදීම සිදු නොකළ බව එම සිසුන් ප්‍රකාශ කරති.
චිත්‍ර විෂයයෙහි පළමු ප්‍රශ්ණ පත්‍රය අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ප්‍රශ්න පත්‍රය පිළිබඳව විභාග ශාලාව බාරව සිටි ගුරුවරියකගෙන් විමසූ නමුත් ප්‍රශ්න පත්‍රයක් නොලැබුනු බවත් විභාගය අවසන් වීමෙන් පසුව විභාගයට පෙනී සිටි අනෙක් අය දෙවන ප්‍රශ්න පත්‍රයක් තිබූ බව ප්‍රකාශ කළ බවත් එම සිසුන් කියා සිටියහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කලාප අධ්‍යාපන අධ්යක්ෂ අනුර පේමලාල් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසිමේදී සදහන් කර සිටියේ , මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් අනතුරුව ලද උපදෙස් මත අදාල ශාලාධිපති සහ කටයුතු කළ සහකාර ශාලාධිපති විභාග කටයුතුවලින් ඉවත් කිරීමට පියවර ගනු ලැබූ බවත් අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කෙරෙන බවත්ය.