බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් 15ක් ඇතුලු රෝහල් සෞඛ්‍ය කාර්ය මංඩලයේ 55කට කෝවිඩ් ආසාදිත වී ඇතැයි බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී , රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඌව පලාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අද (9දා) පැවසීය .
බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් නවදෙනාගෙන් වෛද්‍යවරු හයදෙනෙකුට කෝවිඩ් ආසාදිත වී ඇති බවත් ,හදිසි ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙනකුට , කනිෂ්ඨ කාර්ය මංඩලයේ එක් අයෙකුටද කෝවිඩ් ආසාදිත වී ඇතැයි හෙතෙම කීය .
මීට අමතරව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මෙන්ම ශල්‍යගාරයේ, වාට්ටු වල සේවය කරන වෛද්‍යවරුන්ටද කෝවිඩ් ආසාදිත වී ඇති බවත් , රෝහලේ හෙද හෙදියන් ,කනිෂ්ඨ කාර්ය මංඩලයේ මෙන්ම සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවන්ටද කෝවිඩ් ආසාදිත වී තිබෙන බව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සදහන් කළේය .
ඇල්ල ප්‍රසාද් රුක්මල්