ආඩිගම කීරියන්කල්ලිය මාර්ගයේ ප්රදේශයේදී අද (09දා) ලොරි රථයක් පාපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක් මුන්දලම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇතිබව මුන්දලම පොලීසිය පවසයි.
මෙම රිය අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ අගුණවිලල අක්කරවෙල්ලිය හංදිය පදිංචි කුසුමා වන්ද්රලතා නැමති 52 හැවිරිදි සිව්දරු මවකි.
ආඩිගම දෙස සිට කීරියන්කල්ලිය පැමිණි ලොරි රථයක් ඊට විරුද්ධ දෙසින් පැමිණි පාපැදි කාරිය හා මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් පසු ලොරි රථ රියදුරු එම ස්ථානයෙන් පළාගොස් පොලීසියට භාරව ඇතිබව පොලීසිය පැවසීය.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ තුවාලකාරිය ප්රදේශවාසීන් එකතුව මුන්දලම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මරණයට පත්වු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයී.
අනතුරක් සිදුකර පළාගිය ලොරි රථ රියදුරු මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.
මුන්දලම පොලිස්ථානාධිපති ප්රධානපොලිස් පරීක්ෂක අසිත ලක්රුවන් මහතාගේ උපදෙස් මත මුන්දලම රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් කුමාරසිංහ 59901 මහතාගේ ප්රධානත්වයෙන් පොලිස් සැරයන් සම්පත් 19986ල අමිල 82431ල කාන්තා පොලිස් සැරයන් චාන්දනී 2532 යන පොලිස් නිළධාරීන් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ලලිත් ඒ කේ නවරත්න