සියලු ණය ගෙවනවා
ශ්‍රී ලංකාවට ඉදිරියේදී ගෙවීමට තිබෙනා සියලු ණය ගෙවා දනමන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ, ශ්‍රී ලංකාව ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම පැහැර හැරීමක් අබියස සිටින බවට පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තා කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.
ඉදිරි සියලු ණය බැඳීම් ගෙවීමට රජය සහ මහ බැංකුව කැපවී සිටින බවට දේශීය හා ජාත්‍යන්තර ආයෝජක ප්‍රජාවට සහ මහජනතාවට සහතික වන බව මහ බැංකුව පවසයි.
2022 ජනවාරි මාසයේදී කල් පිරුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය (ISB) ශ්‍රී ලංකාව සාර්ථකව ගෙවා අවසන් කළ අතර එය පයවීමට නොහැකි බවට ඇතැම් පාර්ශ්ව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට ජුලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියනයක සෛවරීත්ව බැඳුම්කරයක්ක් ගෙවීම තිබේ.
2022 ජූලි මාසයේදී කල් පිරෙන ඇමරිකානු ඩොලර් බිලියන 1ක ISB ඇතුළු ඉදිරි ණය බැඳීම් සපුරාලීම සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික අරමුදල් විධිවිධාන ගණනාවක් හරහා විකල්ප විදේශ විනිමය ගලා ඒම සඳහා රජය සහ මහ බැංකුව දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇතැයි මහ බැංකුවය පවසයි.

popular news
-
Deepal Nirosh Thursday, 10 February 2022 06:31 AM
ජනතාවට ප්රශ්නය ණය ගෙවීම නොවෙයි, කවුරු බලයේ සිටියත් මේ ණය ගෙවන්න වෙනවා. ප්රශ්නය නම් අපි රටක් විදියට මේ ණය උගුලෙන් ගැලවෙන්නේ කවද ද කියන එකයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

