saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 5853 hours ago

LATEST

යුද හමුදාවෙන් තවත් සුපිරි වැඩක්

calendar_today 2022 ජන 31 - 20:56 remove_red_eye - 1947  

ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු (SLEME) රෙජිමේන්තුව විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම වෙඩි නොවදින සැහැල්ලු සන්නාහ සන්නද්ධ රථය Mine Resistance Ambush Protected Vehicle (Unicob- MRAPV) ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් අද (31දා) ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයථානයේදී පරීක

ෂෙන්ෂෝ-13 කාර්ය මණ්ඩලය චීන නව අවුරුදු උත්සව සම්ප්‍රදායන් අභ්‍යවකාශයේ පවා ජීවමානව තබා ගැනීමට තීරණය කර තිබූ අතර, අවුරුදු රාත්‍රිය භුක්ති විඳීමට සූදානම්ව සිටියහ.

Read More

රත්මලාන වැටකෙයියාවත්ත වෙරළතීරයේ අභිරහස් ලෙස මියගොස් තිබූ නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද (31දා) හමුවී ඇතැයි ගල්කිස්ස මූලස්‌ථාන පොලීසිය පැවසීය.

Read More

’’සෑම සෙල්සියස් අංශකයක්ම උෂ්ණත්වය පහත වැටෙන විට ආසාදන අවස්ථා 0.3%කින් වැඩි වන බව පර්යේෂණයෙන් පෙන්නුම් කෙරෙනවා’’ ජාතික සෞඛ්‍ය කමිටුවේ ජාතික කොවිඩ්-19 විශේෂඥ කණ්ඩායමේ සාමාජික ලියු යූ පවසයි.

Read More

මාතලේ විල්ගමුව හදුන්ගමුව ගැඹුරු ඔය ප්‍රදේශ්යේ ගොවි සංවිධාන නියෝජිතයන් පිරිසක් අද (31දා) හඳුන්ගමුව ගොවිජන සේවා කාර්යාලය වහලය මත නැඟ උපවාසයක් ආරම්භ කොට තිබේ.

Read More

’’මට මගේ එන්නත් මාත්‍රා තුනම ලැබී තිබීම ගැන මා ස්තූතිවන්ත වෙනවා. ඒ නිසා මට වැඩි අපහසුවක් දැනෙන්නේ නැහැ. මම ස්වයං හුදකලාවේ සිටින අතරතුර නිවසේ සිට රාජකාරී සිදුකරනවා’’ ට්‍රස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

Read More

කෝවිඩ් -19 මර්දනයට අදාළ චක්‍රලේඛය පෙබරවාරි මස 28 වන දින දක්වා දීර්ඝ කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. මේ දක්වා බලාත්මකව තිබු, දෙසැම්බර් අග දී නිකුත් කරනු ලැබු ජනවාරි මස 31ක දක්වා ක්‍රියාත්මක වීමට නියමිත මාර්ගෝපදේශ චක්‍රලේඛය මේ අවස්ථාවේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙබරවාරි මස 28 දක්වා එය දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.

Read More

මොඩෙර්නා සමාගමේ කොවිඩ්-19 මර්දන එන්නත එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයෙන් (FDA) පූර්ණ අනුමැතිය ලබාගෙන තිබේ.

Read More

රුපියල් කෝටි 350කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 350 කට අධික ප්‍රමාණයක් සමඟ දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කළ සැකකරුවන් 17 දෙනාගෙන් 12 දෙනෙකු රිමාන්ඩ් බාරයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධිකග සී රාගල මහතා ඉතිරි සැකකරුවන් 05 දෙනා මුදා හැරීමට අද (31දා) නියම කළේය.

Read More

මේ වන විට කොවිඩ් ආසාධිතව සිටින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා ලිපියක් මගින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත.

Read More

අනුරාධපුර නුවර වැවේ රක්ෂිතය ගොඩ කරමින් හෝටලයක් සහ පිහිනුම් තටාකයක් ඉදි කිරීමට විරෝධය පළ කරමින්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීහු පිරිසක් ඊයේ (31දා) අනුරාධපුර නගර මධ්‍යයේ ඇති, ඩී.එස් සේනානායක ප්‍රතිමාව ඉදිරිපිට පොල් ගසා, දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.

Read More

ගැහැනු දරුවන්ගේ විවාහ වීමේ අවම වයස 21 හෝ 25 කිරීමට යෝජනාවක් ගැහැණු දරුවකු විවාහ වීමේ වයස සම්බන්ධයෙන් අදහස් එක් රටක් එක් නීතියක කාර්ය සාධක බළකාය හමුවේ අදහස් දැක්වූ මරීනා රිෆායි මහත්මිය කාන්තාවක් විවාහ වීමේ අවම වයස අවුරුදු 21 විය යුතු බව ප්‍රකාශ කළ අතර එය අවුරුදු 25ක් පමණ විය යුතු බව සුහා කාසීම් මහත්මිය ප්‍රකාශ කළාය. මිට හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ ජාති ආගම් බේදයකින් තොරව දරුවන් උසස් අධ්‍යාපනය සදහා යොමු කිරීමට සියලු දෙනා උනන්දු විය යුතු බවයි

Read More

ඔස්ට්‍රේලියාව හා පැවත්වීමට නියමිත තරග පහකින් සමන්විත තරගාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතයේ ණුවන් තුෂාර කොවිඩ් ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ ප්‍ර දේශවල සේවය කරන දුම්රිය නියාමකවරුන් 31ක් කොවිඩ් ආසාදිතව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

Read More

පළාත් සභා ඡන්දය නොපැවැත්වීම නිසා, විශාල මුදල් ප්‍රමාණයක් මහජන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් තොරව පරිහරණය වීම පළාත් සභා මට්ටමින් සිදුවන බවත් එම නිසා ඉක්මනින් මහජන නියෝජිතයන් සිටින ආයතනවලට මුදල් ප්‍රමාණය ලබා දීම වඩාත් යහපත් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ(30දා) හෝමාගම ගොඩගමදී පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

Read More

නැවත දැනුම්දෙන තුරු විදුලිය කප්පාදුවක් සිදුනොවන බව ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

Read More

නියමු ව්‍යාපෘතියක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම ව්‍යාපෘතිය දියත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙහිදී පොල් ගෙඩියක් රු.75/=කට අළෙවි කරනු ලබන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, වෙළෙඳපොල පොල් මිල පහළ යාමට සාපේක්ෂ්ව ඉදිරියේ දී ලංකා සතොස හරහා අළෙවි කරනු ලබන පොල් වල මිලගණන් ද අඩු වනු ඇති නමුත් වෙළෙඳපොලේ පොල් මිල ඉහළ ගියද, රු. 75/=ක ස්ථාවර මිලකට පොල් අළෙවි කිරීමට ලංකා සතොස කටයුතු කරනු ලබන බව ද සඳහන් කරන ලදී.

Read More

සිරගතව සිටින හිටපු රාජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා නිදහස් කර දෙන ලෙස ඉල්ලා ප්‍රජාත්‍රන්ත්‍රවාදී සංවිධාන එකමුතුව සහ එක්සත් ස්වයං රැකියා වෙළද ව්‍යාපාරිකයින්ගේ සංසදය මගින් අද (31දා) පෙරවරුවේ නීතිඥවරුන්ගෙන් අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් ගාල්ල අධිකරණ සංකීර්ණයෙහි රථ ගාල අසලදී සිදුකරණු ලැබිය.

Read More

කාසල්රී ජලාශයේ පිටාර මට්ටම ද ඉක්ම වු ප්‍රමාණයක් දක්වා ජලය රඳවා තබා ගැනීම සදහා ජලාශ වේල්ල මත නව ජාත්‍යාන්තර ක්‍රම වේදයක් අනුගමනය කරමින් විශේෂ ගෙට්ටු පද්ධතියක් ඉදිකිරිම ආරම්භ කර තිබේ.

Read More

දුම්රිය සේවකයන් කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් අද (31දා) ධාවනය වීමට නියමිතව තීබූ දුම්රිය 16ක් පමණ අවලංගු කිරීමට සිදුව තිබේ.

Read More

මෙරට ඉංග්‍රීසි ඒජන්තයින් සමග රාජකාරි කල ,දැනට ජීවතුන් අතර සිටි,එකම සහ අවසන් වෙල් මුලාදෑනියා බව කියන කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචි එම්.ඩබ්.මුදියන්සේ ( 106) මහතා අද(31දා) දිවියෙන් සමුගත් බව කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

Read More

වික්ටෝරියා ජලාශ ප්‍රදේශයට මේ දිනවල බලපා ඇති අධික වියලි කාලගුණය හේතුවෙන් කිලෝ මීටර 26 ක් පුරා පැතිරී තිබෙන මෙම ජලාශයේ ජලය ඝන මීටර් මිලියන දෙකක් දිනකට වාෂ්ප වන බව එම ජලාශය බාර ප්‍රධාන ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පවසයි .

Read More

වියට්නාමයෙන් බිහිවී බුදුදහමට අනුපමේය සේවයක් කළ සෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වූ තිච් නට් හාන් භික්ෂුව පසුගියදා (22දා) අපවත් වී වදාළහ. සිය මූලික ඉගැන්වීම වූ සාමය හා සිහිකල්පනාව පෙරදැරිව ජීවිතයේ පරමායුෂ විඳි උන්වහන්සේ සිය ඉගැන්වීම්වලට අනුකූලවම සාමයෙන් සිය අවසන් කාලය ගත කළ බව උන්වහන්සේ විසින්ම ආරම්භ කළ ප්ලම් විලේජ් ආයතනය ප්‍රකාශ කළේය. වර්තමානයේ ලොව වඩාත් පිළිගැනීමට ලක්වූ බෞද්ධ භික්ෂුවක් ලෙසින් සැලකෙන තිච් නට් හාන් භික්ෂූන් වහන්සේ අපවත් වන විට 95වැ

Read More

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සහ මුද්‍රණ උපකරණ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලීසිය පවසයි. සැකකරු ඊයේ (30දා) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණ කළුතර පාලම් දෙක ආසන්නයේ ඇති පලතුරු වෙළඳ සැලක් වෙත ගොස් රුපියල් 1000 ක නෝට්ටුවක් ලබාදී අන්නාසි පැකට්ටුවක් සහ අඹ පැකට්ටුවක් මිළදීගෙන තිබේ.

Read More

කටාර් රාජ්‍යෙය් දොහා හි සිදුවු වෙඩි තැබිමෙන් මියගිය පුද්ගලයා ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු නොවන බව තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඊයේ (30දා) ගම්පහ කලගෙඩිහේන ප්‍ර දේශයේදී එල්ල වූ මැර ප්‍රහාරය පිළිබඳව විධිමත්, අපක්ෂපාතී පරීක්ෂණයක් කරන මෙන් පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටියි.

Read More

හමුදා පුහුණුවෙන් ලබන ආරක්ෂාවට වඩා ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයන් තුළින් ලැබෙන් ආරක්ෂාව බලවත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

Read More

සාම සාධක හමුදාවේ රාජකාරි සඳහා මෙරට පාබල හමුදාවේ භටපිරිසක් ලෙබනන් රාජ්‍යයට පිටත් කර හැරීමට ලැබීම තුළින් රටේ පවතින ඩොලර් අර්බුදය විසඳීමට සුළු හෝ සහයක් ලබාදීමට හැකිවීම ශ්‍රී ලංකා යුද හමුදාව ලැබූ භාග්‍යයක් බව ශ්‍රී ලංකා යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය

Read More

පසුගිය දිනවල මාධ්‍ය මගින් අම්පාරේ කැළිකසල බැහැර කරන ස්ථානයක වන අලි මරණයට පත්වීම ගැන පුවතක් පළ වුනා. මහාසාගරයත් දැන් අම්පාරේ කැළිකසළ කන්දට දෙවැනි නැහැ. මහාසාගරයේ මාළුන්ට වඩා දැන් තියෙන්නේ ප්ලාස්ටික්. මේ සියල්ලම මිනිසුන්ගේ ක්‍රියාකාරකම්. නැතුව වෙන කවුරුවත් ගෙනැවිත් බැහැර කරන දේවල් නොවෙයි. පරිසර හිතකාමී යම් තීරණයක් ගතහොත් එම තීරණය අගයන්නේ සුළු පිරිසක්. තවත් පිරිසක් ඒක නිර්දය ලෙස විවේචනය කරනවා.

Read More

දකුණු පළාතෙන් බස්නාහිර පළාතට කලුතරින් ගමන් කරමින් සිටි යතුරුපැදි රැළියක ලංකාවේ මාර්ග වල ධාවනයට තහනම් රුපියල් ලක්ෂ එකසිය විස්සක් වටිනාකම කින් යුතු අධි බලති යතුරුපැදි දෙකක් පැද වූ තරුණයන් දෙදෙනෙක් එම යතුරුපැදි දෙක ද සමග ඊයේ (30දා) රාත්‍රියේ අලුත්ගම පොලීසිය අත්අඩංගුවට ගත් බව කියයි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.