සයින්දමර්දු හි මරාගෙන මැරෙන ප්රහාරයකින් මිය ගිය පුද්ගලන්ගේ සිරුරු අධිකරණ නියෝගයක් අනුව අද (27දා) ගොඩ ගැනීමට කටයුතු කෙරිණි.
ඒ් එම මිය ගිය පුද්ගලයන් අතර පුලස්තිනී මහේන්ද්රන් නොහොත් සාරා ජස්මින් යන අය සිටීද යන්න පිළිබදව තහවුරු කර ගැනීම වෙනුවෙනි.
මීට පෙර අවස්ථා දෙකකදිද ඒ පිළිබඳව ඩී.එන්.එ. පරීක්ෂණ කරනු ලැබුවත් සාරාගේ ඩී.එන්.එ. ඒහි නොතිබුණ බවට තහවුරු වී තිබේ.
සාර ජස්මින් යනු පාස්කු ප්රහාර මාලාවේ කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්රහාරය එල්ල කළ මරාගෙන මැරෙන ත්රස්තවාදී මොහොමදු හස්තූන්ගේ බිරිඳයි.
ඇය රටින් පළාගොස් ඇති බවට මේ වන විට මතයක් නිර්මාණය වී තිබේ.