ලිට්රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිල අධික ලෙස ඉහල දැමීම රටේ දැනට පවතින ජිවන වියදම අනුව දරාගත නොහැකි බව හැටන් ප්‍රදේශයේ ගෑස් පාරිභෝගිකයින් සහ ආපනශාලා හිමියන් කියා සිටියි.
ගෑස් මිල වැඩි කිරිම හේතුවෙන් තම ආපනශාලා වල අලෙවි කරන ආහාර පාන මිලද විශාල ලෙස වැඩි කිරිමට සිදු වන බවත්, දැනටමත් ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බවයි එම ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.
දින ගණනාවක සිට හැටන් ප්‍රදේශයේ ගෑස් තොග නොමැති විමෙන් හැටන් නගරයේ ආපනශාලා රැසක් වසා දමා ඇති අතර,ඉහල දැමු ගෑස් මිල හමුවේ දැනට විවෘතව පවතින ආපනශාලාද වසා දැමිමට සිදු වන බවයි ආපනශාලා හිමියන් කියා සිටින්නේ.