රජයේ රක්ෂිත තුලින් කැපූ බව කියන රුපියල් එක්කෝටි හැටලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් ඖෂධීය සුදු හඳුන් ශාක කොටස් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු උඩවලව කොළඹගේආර ප්රදේශයේදී විශේෂ කාර්යය බළකා නිලධාරින් විසින් ඊයේ (26දා) අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 29ක් සහ 47 හැවිරිදි දෙදෙනකු බව නිලධාරිහු කියති.
උඩවලව කොළඹගේආර ප්රදේශයේ බ්ලොක්ගල් වැඩබිමක් තුළ තිබියදී සුදු හඳුන් ශාක කොටස් කිලෝග්රෑම් 787 ක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සුදු හඳුන් තොගය රජයේ රක්ෂිත තුලින් කපා ඇතැයි නිලධාරිහු සැකකරයි. මෙම සුදුහඳුන් තොගය සන්තකයේ තබාගැනීම හා ජාවාරම්කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගත් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇඹිලිපිටිය අඩවි වන කාර්යාලය වෙත භාර දී ඇත.
අනීෂා මානගේ
