අමාත්‍යවරුන් වන කාංචන විජේසේකර මහතා, ෂෙහාන් සේමසිංහ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චීන තානාපති චී ෂෙන්හොං මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
තානාපති කාර්යාලයේ පැවැති මෙම හමුවේදී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙන බවට තානාපතිවරයා මෙම නියෝජිත පිරිස හමුවේ යළිත් තහවුරු කර තිබේ.
එසේම චීන - ශ්‍රී ලංකා සබඳතාව පිළිබඳව හා සහයෝගීතාව පිළිබඳව විවිධ පැතිකඩ ඔස්සේ මෙහිදී සාකච්ඡාවට ලක්කර තිබේ.
මෙම සාකච්ඡාව පිළිබඳව අදහස් දැක්වූ හිටපු අමාතය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ චීනය හා ශ්‍රි ලංකාව සෑම අවස්ථාවකදීම සහයෝගයෙන් කටයුතු කර ඇති බවයි.
