භුමිතෙල් මිල දි ගැනිම සදහා හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසල පැය පහකට අධික කාලයක් පොලිමේ රැදි සිටි හැටන් නගරයේ ව්‍යාපාරිකයෙකු අද (27දා) දින අලුයම ඔහු පදිංචි නිවස තුළදිම මියගොස් ඇති බව හැටන් පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් දුඹුරුගිරිය පාරේ පදිංචි දේවනායගම් (55) ක්‍රිෂ්ණසාමි නැමති දෙදරු පියෙකි.
මිය ගිය ව්‍යාපාරිකයා හැටන් නගරයේ පැති විදියේ කුලි පදනම මත ලබාගත් වෙලදසැලක නිමි ඇදුම් ව්‍යාපාරය සිදුකරගෙන යන බවත්, (26) දින රාත්‍රි 7 ට පමණ නිවසට අවශ්‍ය භුමිතෙල් ලබා ගැනිමට ඉන්ධන පිරවුම්හලේ පොලිමට ගිය සැමියා (27) දින අලුයම 12.30 ට පමණ නිවසට පැමිණ තමන් දැඩි තෙහෙට්ටුවක් දැනෙන බව තමන්ට පැවසු බවත්, පසුව රාත්‍රි ආහාර ලබා ගන්නා අවස්තාවේ ඔහුට වමනය ගිය බවත්, ඉන් අනතුරු තම සැමියා එකවරම මිය ගිය බව ඔහුගේ බිරිඳ පැවැසීය.
තම සැමියාට මිට ප්‍රථම කිසිදු රෝගි තත්ත්වයක් නොතිබුණු බවත්, භුමිතෙල් ලබා ගැනිමට පැය ගණනක් පොලිමේ රැදි සිටි නිසා දැඩි වෙහෙසට පත් තම සැමියා අකාලයේ මෙසේ මියගිය බව මියගිය ව්‍යාපාරිකයාගේ බිරිද කියා සිටියි.
මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව හැටන් පොලිසිය පැවසිය.
සති ගණනාවකට පසු හැටන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ඊයේ (26) දින පස්වරු 4 ට පමණ ඛනිජ තෙල් නිතිගත සංස්ථාවෙන් ලද භුමිතෙල් ලිටර් 6600 ක් මිල දි ගැනිමට පාරිභෝගිකයන් දෙදහසකට වැඩි පිරිසක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දිගු පොලිම් වල රැදි සිටි අතර, එම පාරිභෝගිකයන්ට රු 500 ක භුමිතෙල් නිකුත් කිරිම (27) දින අලුයම 3 පමණ වන තෙක් සිදු කල බව ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු කියා සිටියේය.





