රඹුක්කන වෙඩි තැබීමට සම්බන්ධව ඒ සඳහා අණදුන් හා සම්බන්ධ සියලුම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
වෙඩි තැබිමට සම්බන්ධ නඩුව අද දිනයේදී තෙවැනි දිනටත් කැඳවූ අස්ථාවේදී එම අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
පසුගිය 20 දා මෙම වෙඩි තැබීම සිදුවූ අතර එයින් තවත් පුද්ගලයන් 25කට අධික ප්රමාණයක් තුවාල ලැබිය. මෙසේ පොලිස් නිලධාරින් විසින් වෙඩි තැබීම ඝාතනයක් බවද මහේස්ත්රාත් අධිකරණය සඳහන් කළේය.