සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව ජයග්රහණය කිරීමෙන් අනතුරුව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අය ඇතුළත් ආණ්ඩුවක් නිර් මාණය වන්නේ නම් එම විශ්වාස භංගය සඳහා සහාය නොදෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර් ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්රකාශ කරයි.
එසේම විශ්වාසභංග යෝජනාවෙන් පසුව සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව සඳහන් කළ යුතු බවද ඔහු පැවැසීය.
“මේ විශ්වාසභංග යෝජනාව ගැන අපි දෙවතාවක් සාකච්ඡා කළා. විශ්වාසභංග යෝජනාව සම්මතවුණාට පස්සේ ඊට පසුදින මොකද වෙන්නේ කියලා අපි දැන ගන්න ඕන.
නැත්නම් මෙච්චරකල් පොහොට්ටුවේ ඉදලා එයින් එළියට ඇවිත් ඉන්න අය විශ්වාසභංග යෝජනාවට ක්රියා කරලා නැවත ආණ්ඩුවට ඇතුල් වෙනවානම් අපිට සහාය දෙන්න බෑ.
අනික තමයි ජනපතිතුමා තමයි රජයේ ප්රධානියා එතුමා අස්වෙන්න ඕන කියන එක තමයි දැන් හඩක් ඇවිත් තියෙන්නේ. ජනාධිපතිතුමා අස්කරන්නේ නැතිව එයත් එක්කහිටපු අයට යළිත් ආණ්ඩුවක් පිහටුවන්න අපි ඡන්දය දෙන්න ඕන නෑ.
අපිටත් රජය ගැන විශ්වාසයක් නෑ. මේ විශ්වාසභංග යෝජනාවට සහාය දෙන්න කලින් අපි දැන ගන්න ඕන කවුද අගමැති වෙන්නේ, කවුද කැබිනට් මණ්ඩලයට එන්නේ, කවුද පත්කරන්නේ ගැන අපිත් සමග සාකච්ඡා කළාට පස්සේ තමයි අපිත් තිරණයක් ගන්නේ”
