අනුරාධපුර ධර්මපාල මාවතේ පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව අසල පිහිටා ඇති අනුරාධපුර නගරයේ ප්රසිද්ධ ටයර් අලෙවි සැලකට ඊයේ (26දා) ඇතුළු වූ සොරෙකු එහි යකඩ සේප්පුව කපා දමා රුපියල් දෙලක්ෂයකට වැඩි මුදලක් සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.
එම වෙළඳසැලේ ඉහළ මාලයේ වීදුරුවක් බිඳ ඇතුළු වූ සොරෙකු හෝ සොරුන් කණ්ඩායමක් සේප්පුව පිහිටි ස්ථානයට ගොස් යාන්ත්රික කියත් ආධාරයෙන් සේප්පුවේ හතරැස් කොටුවක් කපා එහි තිබූ මුදල් දෙලක්ෂ තිස් දහසක පමණ මුදලක් රැගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
එම වෙළඳසැලේ ආරක්ෂාව සඳහා සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියට හානි සිදු කළ සොරුන්, එහි පටිගත වීමේ දත්ත කොටස්ද සොරා ගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.
26 දා රාත්රියේ හෝ 27දා අළුයම මෙම සොරකම සිදු වන්නට ඇති බව සැක කරන බවද පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය.