තලවතුගොඩ පැලවත්ත ප්‍රධාන මාර්ගයේ සුපිරි වෙළෙඳ සැලක් ඉදිරිපිටදී ඊයේ (26දා) රාත්‍රී වීදි වෙළෙන්දකු එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් ආයුර්වේද වෛද්‍යවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලංගම පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ මාලබේ , පොතුඅරාව පාර , අංක 199/04 හි පදිංචි නිශ්ශංක ගුණවර්ධන නමැති (57) හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය කියයි .
මෙම පුද්ගලයා ඊයේ (26දා) රාත්‍රී 10ට පමණ මෙම සුපිරි වෙළෙඳ සැලෙන් භාණ්ඩ ලබාගෙන නැවත නිවසට යාම සඳහා මාර්ගයට පැමිණ තිබේ.
එම අවස්ථාවේදී පදික වේදිකාවේ ස්ටිකර් අලෙවිකරමින් ජංගම වෙළදාමක් සිදුකරන සැකකරු වෛද්‍යවරයා අසලට පැමිණ ස්ටිකර මිළදී ගන්නා ලෙස බලකරමින් බහින්බස්වීමක් හටගෙන ඇතැයි පැවසේ .
දෙදෙනා අතර වූ බහින් බස් වීමෙන් පහරදීමක්ද සිදුව ඇති අතර පසුව වෛද්‍යවරයා සැකකරුගෙන් මිදී පදිකවේදිකාවේ යමින් සිටියදී පසුපස ලුහුබැඳ විත් වීදි වෙළෙන්දා අත තිබූ තියුණු ආයුධයකින් වෛද්‍යවරයාට බරපතළ තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසයි.
පසුව මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු බිම වැටී සිටි පුද්ගලයා දැක ඒ බව පොලීසියට දැනුම් දීමෙන් පසුව තලංගම පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ තුවාල ලබා සිටි පුද්ගලයා කොස්වත්ත දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.
ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළ බවත් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව තිබුණි.
සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ප්‍රදේශයෙන් පළා ගොස් ඇති ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අත්තරගම මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති ප්‍රභාස්වර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න