saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 5844 hours ago

LATEST

විමල්ට එරෙහි වත්කම් නඩුව විභාගයට

calendar_today 2022 පෙබ 02 - 19:08 remove_red_eye - 437  

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලයතුළදී සිය වත්කම් හාආදායම්වලින් උපයාගත නොහැකි, අල්ලස් මගින්උcපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවෙකුව සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන ජුනි 17වැනිදා පැවැත්

ඉන්දියාවේ මෙවර අයවැය ඉදිරිපත් කරමින්, එරට ආරක්ෂක අයවැය ඉන්දියානු රුපියල් ට්‍රිලියන 5.25ක් (එක්සත් ජනපද ඩොලර් බිලියන 70ක් පමණ) දක්වා වැඩි කරන කර ඇති අතර, එය පසුගිය වසරට වඩා 9.8%ක ඉහළ දැමීමකි.

Read More

කල්පිටියේ අර්ධද්විපයේ වගාකර ඇති රාබු වගාව විකුණා ගැනිමට නොහැකිව වල දමන බව වගාකරුවන් පවසති.මෙවර කල්පිටිය අර්ධද්විපයේ දළුව,මාන්පුරිය,නොරෝච්චෝල,ඉලන්තඩිය,ආලංකුඩා,ඇතුළු ප්‍රදේශ ගණනාවක වගා කර ඇති අතර එය අක්කර 500 කට ආසන්න බව පවසති. මෙම රාබු වගාවෙන් පසුගිය දින කිපයදි රාබු කිලෝ ලක්ෂ ගනනක් තම වගාවෙන් ගලවා ඉවත් කර වල දැමු බව වගාකරුවන් පවසති.

Read More

සිමෙන්ති රැගෙන යමින් තිබූ ලොරියක් කහතුඩුව පොල්ගස්ඕවිට හන්දියේ දී යතුරුපැදියක ,ත්‍රීරෝද රථයක හා මෝටර් රථයක ගැටී අනතුරුව වෙළඳසැලකට කඩා වැදීමෙන් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලැබූ බව කහතුඩුව පොලිසිය පවසයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මන්නාරම තම්බපවනි සුළං ගොවිපොළ සහ එහි දෙවන අදියරේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ ය. ශ්‍රී ලංකාවේ පළමු සහ විශාලතම සුළං බලාගාරය වන්නේ ද මෙයයි.

Read More

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමට පැමිණි පුද්ගලයන් අතරින් පුද්ගලයන් 06ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් සිද්ධියට සම්බන්ධවූවන්ට තරා තිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් මාධය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය. කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය පැවැත්වීම සඳහා පෙබරවාරි මස 07 වනදා සිට රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. නැවත පාසල් ආරම්භය මාර්තු මස 07 වනදා සිදුකිරීමට නියමිතය.

Read More

අසාර්ථක අස්වැන්න, අඩුවෙමින් පවතින විදේශ විනිමය සංචිත සංරක්ෂණය කිරීම සඳහා ආනයන සීමා කිරීම් සහ ප්‍රධාන භාණ්ඩවල ඉහළ මිල ගණන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය පාකිස්තානයේ උද්ධමන අනුපාතයත් ඉක්මවමින් ආසියාවේ ඉහළම උද්ධමන අනුපාතය ඇති රට බවට පත්ව තිබේ.

Read More

මඩකලපුව මුලස්ථාන පොලිස් වසමේ ඌරණි ප්‍රදේශයේදී කුකුළන් රැගත් ලොරියක් වේගය පාලනය කර නොහැකිව යතුරු පැදියක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුරට ලක්වීමෙන් යතුරු පැදියේ ගමන් ගත් කාන්තාව බරපතල තුවාල ලබා ඇත‍. කුකුළන් විශාල ප්‍රමාණයක් ද මියගොස් තිබේ. මෙම අනතුර සම්බන්ධව මඩකලපුව මුලස්ථාන පොලීසිය විමර්ශනය පවත්වයි.

Read More

COVID-19 තවදුරටත් “සමාජමය වශයෙන් අසාධ්‍ය රෝගයක්” නොවන බවත් ඒ අනුව තම කොවිඩ් සීමා බොහෝමයක් ඉවත් කරන බවත් ඩෙන්මාර්කය පවසයි.

Read More

රාගම වෛද්යස පීඨයේ සිසුන්ට සිදුකළ පහරදීම පිළිබඳව විධිමත් හා පූර්ණ පරීක්ෂනයක් සිදුකරන ලෙස තමන් පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව මහජන ආරක්ෂක අමාත්යද රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූර කෝප්‍රල් රොෂාන් අබේසුන්දර හට නව නිවසක් ප්‍රදානය කිරිම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මත ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනි පතිරණ මහත්මියගේ සෘජු අධික්ෂණය යටතේ සිදුකෙරිණි.

Read More

මඩකලපුව දිසා අධිකරණයේ දිසා විනිසුරුවරයාගේ නිවසට අයුතුලෙස ඇතුලු වි ඒ මහතාගේ බිරිඳගේ ගෙලබැඳි රන් තැල්ල කොල්ලකා, පසුව දිසාවිනිසුරුවරයාට පහරදි පලාගිය සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගැනිමට අක්කරපත්තුව පොලිසිය ඊයේ (01දා) සමත්වුහ

Read More

කොවිඩ් වසංගතය පාසල් පද්ධතිය තුළ ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව බවට පත්වී තිබෙන්නේ සමස්ත ළමයි ගෙන්වීමට තීරණය කිරීම නිසයි. සමාජ දුරස්ථ භාවයක් නොමැතිව පාසල් තුළට සියලු දෙනා කැඳවීමයි. එම නිසා අපි කියනවා එළඹෙන පෙබරවාරි 07 වැනිදා උසස් පෙළ විභාගය පටන් ගත්තායින් පසු එම කාල සීමාවේ සියලු ශ්‍රේණි වසා යම් ආකාරයක කොවිඩ් ව්‍යාප්තිය පාලනය වන ආකාරයේ ක්‍රියාමාර්ග ගත යුතුයි කියා. ඉතිහාසයේ කිසිම දිනක විභාග පැවැත්වෙන විට පාසල් පවත්වා නැහැ.

Read More

යාපනය අල්ලෙයිපිඩ්ඩි ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් ඊයේ (01දා) සවස අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට කයිට්ස් පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කරනූ ලැබූ සෝදිසි මෙහෙයුමකදී විදේශ මුදල් ජාවාරමේ නිරත වු පුද්ගලයන් දෙදෙනෙකු අද(02දා) අත් අඩංගුවවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසීය.

Read More

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ආරක්ෂක අංශයේ සියලුම ඉහළ පෙළේ නිලධාරීන් ඊයේ (01දා) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයට පැමිණ 74 වැනි ජාතික නිදහස් දින පෙරහුරු පෙළපාළිය නිරීක්ෂණය කරන ලදී.

Read More

පෙබරවාරි 04දාට යෙදෙන ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දිනය හේතුවෙන් දිවයින පුරා මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තබන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

උණ්ඩියල් හා හවාලා ක්‍රමයෙන් රටට ඩොලර් ලැබෙන බවට මුදල් අමත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිතගෙන සිටියත් එවැන්නක් සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා මහතා පැවැසීය.

Read More

වැලිමඩ හා ඌව පරණගම කාබනික පොහොර යොදා සිදු කල අර්තාපල් වගා අස්වැන්නෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පණුවන් කා දමා, පරිභෝජනය ගත නොහැකි තත්වයට පත්ව තිබේ.

Read More

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත පාර ප්‍රදේශයේ නිවසක රහස් බංකරයක සූක්ෂම ලෙස සගවා තබන ලද රුපියල් මිලියන 04ක් පමණ වටිනා හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 04ක් සමග සැකකරවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

කොල්ලුපිටිය පොලිස් වසමේ බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය සමාජ ශාලාවක් වටලා විදේශ ජාතික පුද්ගලයන් 09ක, විදේශ කාන්තාවන් 03ක් හා ලාංකික පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාව මේ වන වට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සිංගප්පූරුවේ ප්රටධානතම පුවත් සේවයක් වන straitstimes.com පුවත් සේවය වාර්තාවක් පළකර තිබේ.එම වාර්තාවට ඔවුන් Sri Lanka repays debtors as citizens go hungry (ජනතාව බඩගින්නේ, ශ්‍රී ලංකාව ණය ගෙවයි) යනුවෙන් මාතෘකාව යොදා තිබේ.

Read More

නොරොච්චොල ජනන යන්ත්‍රයක ඇතිව තිබූ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත්කර තිබේ. මේ අනුව එම බලාගාරයෙන් මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්වෙයි.

Read More

ඉන්දුනීසියාවේ නැගෙනහිර පළාතේ මලුකු ප්‍රදේශයට අද (02දා) අලුයම රික්ටර් පරිමාණ 6.2ක භූමිකම්පාවක් ඇති වී ඇති බව එරට කාලගුණ විද්‍යා ඒජන්සිය පවසයි.

Read More

උතුරේ ධීවරයින් ඉන්දියානු ධීවරයින්ගේ ප්‍රහාරයට ලක්වීම සම්බන්ධයෙන් මෙතෙක් විසඳුමක් නොලැබීම හා හානි වූ දැල් ආම්පන්න වෙනුවෙන් විසඳුමක් නොලැබීම මත අද (02දා) යාපනයේ ස්ථාන කිහිපයක විරෝධතාවයන් සහ උපවාසයන් දෙවන දිනටත් පැවත්වෙයි.

Read More

කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවේ වැඩිවිමක් දක්නට ලැබෙන අතර කොවිඩ් ආසාදිත සංඛ්‍යාවද අඛණ්ඩව තෙවැනි දිනටත් 1000 සීමාව ඉක්මවා ගියේය.

Read More

’’අපි කිසිම රටකට ඊනියා අගුලු දැමීමකට ආපසු යන ලෙස ඉල්ලා සිටින්නේ නැහැ. අපි සියලුම රටවලින් ඉල්ලා සිටින්නේ එන්නත් පමණක් නොවෙයි, දැනට ඇති මෙවලම් කට්ටලයේ ඇති සෑම මෙවලමක්ම භාවිත කරමින් තම ජනතාව ආරක්ෂා කරන ලෙසයි.’’

Read More

කෝවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජය තුළ පැතිර ඇති බවට පිළිගෙන කටයුතු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.

Read More

ජෝර්ජියානු අගමැති, පෘතුගාල අගමැති සහ මෝල්ඩෝවා අගමැති ආදී වශයෙන් තවත් ලෝක නායකයන් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.